giceylon

නිවැරදිව මැණික් ගලක් හඳුනාගෙන ඔබගේ මුදල් ආරක්ෂා කරගනිමින් ස්වභාවික මැණික් පමණක් මිලදී ගන්නේ කෙසේද?

නිවැරදිව මැණික් ගලක් හඳුනාගෙන ඔබගේ මුදල් ආරක්ෂා කරගනිමින් ස්වභාවික මැණික් පමණක් මිලදී ගන්නේ කෙසේද? ව්‍යාපාරයේ වසර ගණනාවක් නිරත වුවද බොහෝ විට කෘතිම මැණික් වලට රැවටීම සිදුවෙයි. එමෙන්ම නවකයන්ට කෘතිම මැණික් විකුණා මුදල් ලබාගන්නා අයද වෙළෙඳ පොළේදී හමුවේ. කෘතීම මැණික් නිපදවා ඇත්තේ අඩු මුදලකින් සමාන පෙනුමක් ඇති මිල අඩු ආභරණ හා මැණික් කැපීම පුහුණු කිරීම් ආදී කටයුතු වෙනුවෙනි. සමහර කර්මාන්තමය කටයුතු සඳහාද ඒවායේ භාවිතයන් ඇත. බැලූ බැල්මට පෙනුමෙන් සමාන වු කෘතිම මැණික් ගලක් හඳුනාගැනීම සඳහා අපට ඇති පහසුම ක්‍රමය නම් විශාලනය කර බැලීම නැතහොත් එම මැණික් ගල තුළ ඇති පලුදු දෝෂ ස්වභාවික ද කෘතිම ද යන්න හඳුනා ගැනීමය. එනම් බොහෝ ව්‍යාපාරිකයන්ට මෙන්ම ව්‍යාපාරයට අලුතෙන්ම අවතීර්ණ වන අයට ඇති, ස්වභාවික මැණික් හා කෘතිම මැණික් හඳුනාගන්නේ කෙසේද? තාප කරනයට ලක් කරන ලද මැණික් හා ප්‍රතිකර්ම කරන ලද මැණික් හදුනාගන්නේ කෙසේද? ආදී ලෙස විමසන ගැටළුවලට සරලම පිළිතුර නම් මැණික් ලෙස අප භාවිතා කරන ඛනිජ තුළ ඇති ඝන, ද්‍රව හා වායු අන්තර්ගතයන් අධ්‍යයනය කිරීමයි. එමෙන්ම ස්වාභාවික අන්තර්ගතයක් නොමැති මැණික් වලට සහතික පත්‍රයක් නැතහොත් වාර්තාවක් ලබාගැනීමද ඉතාම අපහසු කටයුත්තකි. එමෙන්ම මැණික් වර්ග අනුව මෙන්ම ඒවා හමුවන රටවල් අනුව ද අන්තර්ගතයන් වෙනස් වෙයි. ඒවා අනුව මැණික් වල මිල ඉහල පහල යාමද සිදු විය හැක. අපට මෙය සඳහා සිදුකළ හැක්කේ දැනුමින් හා උපකරණ වලින් සන්නද්ධ වීමයි. වෙළඳපොළේ හමු වන ව්‍යාජ මැණික් විකුණන සොරුන් ඉවත් කිරීම පහසු කටයුත්තක් නොවන නිසාම මෙයට විසඳුමක් ලෙස මා විසින් පහත ෆේස්බුක් සමූහයන් හරහා විවිධ වූ ඛනිජවල ඇති ස්වභාවික අන්තර්ගතයක් පිළිබඳ හඳුන්වා දීම් සිදු කරමින් පවතී. ඔබට ද අපගේ ආයතනයේ හා අප දැනුම ලබාදෙන සමාජ වෙබ් අඩවිවල Links හරහා එම තොරතුරු නොමිලේම පරිශීලනය කළ හැක. එමගින් වඩා යහපත් හෙට දවසක් මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයට උදාවේවා යැයි ප්‍රාර්ථනා කරමි. ඔබට ජය !!! සම්පත් සමරසේකර. Join us : Gemological institute Facebook page: https://www.facebook.com/giceylon/ Gemological institute Facebook Group: https://www.facebook.com/groups/1990653001208203/ Gemstones Inclusions Facebook Group: https://www.facebook.com/groups/2593471480875409 Gemstones Inclusions Facebook Page: https://www.facebook.com/gemstonesinclusions/ LinkedIn Profile: https://www.linkedin.com/in/ssamarasekara/ LinkedIn Page: https://www.linkedin.com/company/gemological-institute-of-ceylon/ LinkedIn Group: https://www.linkedin.com/groups/14137180/ Direct WhatsApp: https://wa.me/message/2A4AUALYVQWRA1 Inquiries: +94777576897 ( Available on WhatsApp, WeChat, Line, Botim ) Website: www.giceylon.com අපගේ මැණික් හා ස්වර්ණාභරණ ව්‍යාපාර උදව් telegram සමූහය / Join with Gem and Jewellery Business Help and Discussion Group on Telegram : https://t.me/joinchat/Q5cLnxilNw4xAr8T3TumfA #gemstonesinclusions #giceylon #photomicrography #sampathsamarasekara[learn_press_profile]
Gem and Law of Attraction

මැණික් ව්‍යාපාරය තුළින් ලැබූ අභිප්‍රේරණය ( Motivation ) හා ආකර්ෂණ නීතිය ( Law of Attraction ) ක්‍රියාත්මක වූ ආකාරය මාගේ අත්දැකීම් මත ලියමි.

මැණික් ව්‍යාපාරය තුළින් ලැබූ අභිප්‍රේරණය ( Motivation ) හා ආකර්ෂණ නීතිය ( Law of Attraction ) ක්‍රියාත්මක වූ ආකාරය මාගේ අත්දැකීම් මත ලියමි. මෙය මාගේ පෞද්ගලික අත්දැකීම් මත ලියන ලිපියක් මිස කිසිවකු අවතක්සේරුවට හෝ වර්ණනාවකට ලක් නොකිරීමකි. අන් අයට ව්‍යාපාර සාර්ථක වීමට දැනුම ලබා දෙන අතරේ ලංකාව තුළ බොහෝ දෙනා කතා නොකරන ආකර්ෂණ නීතිය, ධනාත්මක සිතුවිලි හා අභිප්‍රේරණය සම්බන්ධ සරල පැහැදිලි කිරීමක් කිරීමට උත්සාහ කිරීමකි. උදාහරණයක් ලෙස, මැණික් ව්‍යාපාරයේ නොවුනද සාමාන්‍ය ජීවිතයේ දී සිරගෙවල්වල සිටිමින් රඟපෑම් සිදු කළ අයකුට පසුකාලීනව සැබෑ ලෙසම සිරගත වීමට සිදුවන බව මා මෑත කාලයේ සමාජ මාධ්‍ය තුළින්ම දුටුවෙමි.මනසින් අල්ලා ගත් දෙය සැබෑ ලෙසම කුමන ක්‍රමයකින් හෝ සැබෑ ජීවිතයේ දී ඒ ආකාරයට අත්විඳිය හැක.විශ්වය අපට ලබා දෙන්නේ අප මනසින් දකින, ඉල්ලන හොඳ හෝ නරක යන ඕනෑම දෙයක්ය. මැණික් ව්‍යාපාරිකයින් අතර ඉතාමත් විශාල දේපලක් මෙන්ම මුදල් යාන වාහන ඉතුරු කරගත් දියුණු වූ දානපතියන් අතරට යන පිරිසක් මෙන්ම එදිනෙදා ගෙදර වියදම සොයා ගැනීමට වෙළඳාමට පැමිණෙන පිරිස අතර ඇති වෙනස ඔබ දැක තිබෙනවාද? මෙහිදී Comfortable Zone නැතහොත් සුවපහසුව පමණක් බලාපොරොත්තු වූ අති දැවැන්ත කැප කිරීමක් සිදු නොකළ හෝ එවැනි මානසිකත්වයක නොසිටින බොහෝ දෙනා එදිනෙදා වියදම පමණක් සොයා ගැනීමට මැණික් ව්‍යාපාරය කරන අය අතරට යොමු වී ඇත. ඔවුන් බොහෝ විට ක්‍රියා කරන්නේ සෘණාත්මක මානසිකත්වයකින් නිසා ඔවුන්ට ආකර්ෂණය වන්නේද එම රාමුව තුළ ඇති දේවල් පමණය. ඔවුන්ගෙන් නිතරම අසන්නට දකින්නට ලැබෙන්නේ, අද නම් හොඳ දවසක් නෙවෙයි, මේ දවස්වල නම් හරිම අමාරුයි, හැමදේම ගණන්, රට ඉවරයි, අර සල්ලි තියෙන මුදලාලිට මොකටද ඒ තරම් මුදල්, අපි ඒ කාලේ අඩුවට වික්ක මැණික් අද තිබ්බනං කොයිතරම් වටිනවද, අන්න අර මුදලාලි මම නිසා තමයි ගොඩ ගියේ, මෙවැනි බොහෝ අඳෝනා මෙන්ම ඔවුන්ගේ ආත්මය පුරාම සෘණාත්මක සිතුවිලි පිරි පවතී. එය ඔවුන්ගේ වරදක් නොව ඔවුන්ගේ සුපුරුදු ජීවන රටාවේ මානසිකත්වය ලෙස මා දකිමි. කිමද මා ව්‍යාපාරික ලොවට පිවිසුණේද මෙවැනි පරිසරයක් තුළින් ඇසුන අඳෝනා තුළිනි. එමෙන්ම හෙට දිනයේද වෙළඳපොල තුළ දී ඒවා අසන්නට සිදුවනවාය. මෙම රටෙහි ප්‍රශ්න මා හට දැනුම් තේරුම් ඇති කාලයේ සිටම තිබුන ඒවාය. කුඩා කල සිටම ප්‍රවෘත්ති තුළින් මෙන්ම සමාජය තුළින් ද අසන්නට දක්නට ලැබුණේ සෘණාත්මක දේවල්මය. එමෙන්ම මුල් කාලයේ සියලු දේවල් අවදානමට ලක්කර සියලුම කාලය මැණික් ව්‍යාපාරය වෙනුවෙන් කැපකර එකදිගට දැඩි අධිෂ්ඨානයකින් අදටත් උදෑසන හතර පහ වන විට තමන්ගේ ව්‍යාපාර ආරම්භ කර වාසනාව උරගා බලන ව්‍යාපාරිකයින් තුළින් මෙවැනි අඳෝනා මා හට නො ඇසෙන තරම්ය. ඔවුන්ට බොහෝ විට වාසනාව උදා වන්නේ ධනාත්මක මනසකින් යුතුව හොඳ තත්වයේ මැණික් ගලක් තමා අතට ලැබෙනවා යන දැඩි විශ්වාසය මත විශ්වයට මුදාහරින ධනාත්මක සිතුවිලි මතය. එමෙන්ම ඔවුන්ගේ දැඩි අවධානය (focus) යොමුවී තිබෙන්නේ විශාල ලාභයක් ලැබිය හැකි හොඳ මිණිකැටයක් කෙරෙහිය. එවිට අහඹු ලෙස හෝ මොනයම් ක්‍රමයකින් හෝ යම් කිසිවෙකු අතට ලැබුන මැණිකක් මෙම මානසිකත්වයේ සිටින අය අතට ආකර්ෂණය වනවා, මිලදී ගන්නට ලැබෙනවා මා අත්දැක ඇත. ඔවුන් අඳෝනා නගනු වෙනවට ලැබෙන සෑම අවස්ථාවක්ම ව්‍යාපාරය දියුණු කිරීමට තමාගේ අරමුණ වෙත යාමට භාවිතා කරනවා මා අත්දැක ඇත. තමාගේ දියුණුවේදී අන් අය එල්ල කරන සියලූ චෝදනා දරාගෙන, තම අරමුණ කරා ගිය අය මැණික් කර්මාන්තයේ දී මා දැක ඇත. ඔවුන් බොහෝදෙනා රත්න විද්‍යාව හෝ මැණික් හඳුනා ගැනීම කෙරෙහි මහා පරිමාණයෙන් හැදෑරීම සිදුනොකල අයයි. නමුත් ඔවුන් තුළ දැඩි ආත්ම විශ්වාසය, කැපවීම හා අභිප්‍රේරණය දැඩිව ඇත. මෙහිදී නවක ව්‍යාපාරිකයින් හට මා හට පැවසීමට උවමනාව වූයේ ඔබ සාමාන්‍ය වෙළඳපොලේ දී දකින රාමුවෙන් පිටතට සිතන්න. දියුණුවේ හිණිපෙත්තට ගිය අය එතනට ළඟා වූයේ කෙසේද යන්න සොයා බලන්න. ඔබගේ ගුරුවරුන්,උපදේශකයින් ඒ ආකාරයට ක්‍රියා කරනවාද යන්න සොයා බලන්න. එමෙන්ම ඒ වෙනුවෙන් දැවැන්ත කැපකිරීමක් කරන්න. කිසිවිටෙක අන් අය විවේචනය වෙනුවට තම අඩු පාඩු හදා ගැනීමට උත්සුක වන්න. සියලු මනුෂ්‍යයෝ සර්ව සම්පූර්ණ නොවන අතර මානසික අතින්ද විවිධ මට්ටම්වල සිටි. මා මෙම ව්‍යාපාරයේදී අසාධාරණයට ලක්වූ අවස්ථාවල ඔවුන් සමග ගැටීම වෙනුවට ඔවුන් අතහැරීම සිදු කළ අවස්ථා බොහෝ ඇත. නමුත් ඔවුන්ගේ මට්ටමට මා කිසිදු විටක පත් වී නොමැත. හුදකලා බව බොහෝ ප්‍රිය කිරීමට එයද හේතුවක් වී ඇත. ඒ තුළින් ලැබෙන ශක්තිය අන් අයට තව තවත් උදව් කිරීමට මෙන්ම මාගේ අඩුපාඩු හදා ගැනීමටද, ව්‍යායාපාරය දියුණු කිරීමටද යොදාගෙන ඇත. ප්‍රතික්ෂේප වීම හොඳම අභිප්‍රේරණය ලෙස සර්ව සම්පූර්ණව අත්දැක ඇත. එමෙන්ම අපට යම්කිසි අසාධාරණයක්,අනවශ්‍ය බලපෑමක් සිදු කරන අය අපව දැනට සිටින මට්ටමින් ඔසවා තැබීමට ලබාදීමට කරන පීඩනය වෙනුවෙන් ඔවුන්ට හදවතින්ම ස්තූති කිරීමට මා කිසිදු දිනක අමතකකර නොමැත. ඉතින් කර්මානුරූපීව ජීවිතය හැඩ ගැසෙනවා හා සමානවම ධනාත්මකව සිතන අය අතට අවශ්‍ය මුදල් හා සිතූ පැතූ දේවල් ආකර්ෂණය වන බව සමාජය තුළින්ම ඕනෑතරම් උදාහරණ ඔබට දැකිය හැක.මා කුඩා කල සිටම මැණික් ව්‍යාපාරය තුලින්ම පිරිසක් කෝටිපතියන් වනු මෙන්ම දිළිඳු බවට පත්වනවාද දැක ඇත. මෙය කෙටියෙන් අවසන් කිරීමට කැමැත්තෙමි. එමෙන්ම මැද මාවතේ ගමන් කළ හැකි නම් අන් අයට අසාධාරණයක් නොකර ධනාත්මක මනසකින් අවශ්‍ය පමණට සැපසම්පත් ලබාගෙන යහපත් ජීවිතයක් ගත කිරීමට හැකිනම් මැණික් කර්මාන්තය යනු ඔබගේ ජීවිතයේ වාසනාව උරගා බැලීමට හොඳ ඉල්ලමක් බව මාගේ අත්දැකීම් අනුව සඳහන් කිරීමට කැමැත්තෙමි. අසාධාරණව අන් අයව රවටා,තළාපෙළා මුදල් ඉපයූ අය ජීවිතයේ අවසාන කාලයේ දී මෙන්ම බොහෝ අවස්ථාවල දී දුක්ඛිත ලෙස ජීවිතය අවසන් කරනවා දැක ඇත. ඔබ මුදාහරින ධනාත්මක හෝ සෘණාත්මක දේවල් දෙගුණ තෙගුණ වී ඔබට ලැබෙනවා කිසිවකුට නැවැත්විය නොහැක. ආකර්ෂණ නීතිය සර්ව සාධාරණය. සියලු දෙනාට ජය වේවා!!!. තෙරුවන් සරණයි!!! Article Prepared by : සම්පත් සමරසේකර Sampath Samarasekara Chairman: Gemological Institute of Ceylon Chairman: Youth Gem Professionals Association Chairman: Sampath Gems Director: Ceylon Sapphire Gems and Jewels Chairman: Nanosoft Web Develop Company Direct WhatsApp: https://wa.me/message/2A4AUALYVQWRA1 අපගේ වෙබ් අඩවි / Websites : www.giceylon.com www.bluesapphire.lk www.gemluck.com අපගේ facebook පිටුව හා සමූහය : https://www.facebook.com/giceylon/ https://www.facebook.com/groups/1990653001208203/?ref=share අපගේ මැණික් හා ස්වර්ණාභරණ ව්‍යාපාර උදව් telegram සමූහය සමග පහතින් සම්බන්ධ විය හැක / Join with Gem and Jewellery Business Help and Discussion Group on Telegram : https://t.me/joinchat/Q5cLnxilNw4xAr8T3TumfA All images and text content Copyrighted ©️[learn_press_profile]
dollar and gemstones

ඩොලර් අර්බුධය සමග මැණික් වලට විශාල ඉල්ලුමක් මෙන්ම ඉහළ මිලක්.

ඩොලර් අර්බුධය සමග මැණික් වලට විශාල ඉල්ලුමක් මෙන්ම ඉහළ මිලක්. දැනට පවතින ඩොලර් එකකට ලැබෙන ඉතා ඉහළ අගය නිසා අපනයන වෙළෙඳපල හා කටයුතු කරන බොහෝ මැණික් ව්‍යාපාරිකයන්ගේ අතමිට සරුවී ඇත. උදාහරණයක් ලෙස අප අපනයනයක් සිදුකිරීමේදී පසුගිය සතියේදී ලැබුණේ රු.210ක් වැනි අගයකි. මේ වන විට එය රුපියල් 250ට වඩා ඉහළ ගිය නිසා ඩොලර් 1000ක් අපනයනකින් රු.50,000 වඩා වැඩි මුදලක් අපනයනකරුවෙකුට ලැබේ. එමෙන්ම ඔබ නිවැරදි අපනයන තත්ත්වයේ මැණික් වලට මුදල් ආයෝජනය කර තිබුණේ නම් ඉදිරියේදී විකිණෙන්නේද වැඩි මුදලටය. එම කරුණු නිසාම මෙන්ම පහුගිය කාලයේ ඇති වූ ඉල්ලුම නිසාම එම ව්‍යාපාරිකයින් දේශීය වෙළඳපොළ තුළද වැඩි මිලක් දී මැණික් මිලදී ගන්නා නිසා රු.100,000කට පමණ අලෙවි වු 1ct ක් පමණ වන පළමු පන්තියේ නිල් මැණිකක් රු.150,000කට වඩා වැඩි මුදලකට අලෙවි වනවා දැකගත හැක. සමහර අවස්ථාවල රු.200,000ද ඉක්මවා ගොස් ඇත. ( මෙය එක් උදාහරණයක් පමණි ප්‍රමාණයෙන් විශාල මැණික් සඳහා මෙයට වඩා විශාල මිල පරාසයකින් ඉල්ලුම් ඇත ) තවද පෞද්ගලික අත්දැකීම් අනුව යුරෝපීයයන් කිහිපදෙනෙකුම ආයෝජනය සඳහා හොඳ තත්ත්වයෙන් යුතු මැණික් ඉල්ලා දුරකථන ඇමතුම් ලැබුණි. මෙයට හේතුව යුධමය තත්ත්වය නිසා ඔවුන්ගේ මුදල් ආරක්ෂා කරගැනීමට අවශ්‍ය පසුබිම සකසා ගැනීමයි. මෙය බොරදියේ මාළු බෑම හා සමාන වුවත් ලෝකයට උසස් තත්වයේ මැණික් සපයන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්ට හොඳ අවස්ථාවකි. ඔවුන් ශ්‍රී ලංකාවෙන් හෝ වෙනත් රටකින් අනිවාර්යෙන්ම හොඳ මැණික් මිලදී ගෙන ඔවුන්ගේ මුදල් පහසුවෙන් ආරක්ෂා කරගන්නවා ඇත. එමෙන්ම අපගේ ව්‍යාපාරිකයන් තවතවත් ජාත්‍යන්තර මට්ටමේ සබඳතා ගොඩනඟා ගන්නවා නම් මීටත් වඩා හොඳ මිලක් ශ්‍රී ලංකාව තුළදීම විකිණෙන මැණික් වලට ලබාගත හැක. පහතින් දක්වා ඇති වෙබ් අඩවියෙන් ඔබට ඇමරිකාව තුල නිල් මැණික් අලෙවි වන මිල පැහැදිලිව දැකගත හැක. මෙවැනි වෙබ් අඩවි බොහෝ ගණනක් අන්තර්ජාලය තුළින් ඩොලර් මිලියන ගණන් එම රටවල් තුළට ගෙන එනවා අප වසර ගණනාවක් තුළ දැක ඇත. Ex : www.thenaturalsapphirecompany.com ඉහත සටහන තැබීමේ අරමුණ අපගේ ව්‍යාපාරිකයින් දිරිමත් කිරීම මෙන්ම උපන් රටට යම් තරමකින් හෝ සේවයක් කිරීමයි. මෙම අර්බුදය හමුවේ අපනයන වෙළඳපල වැඩි කිරීම සිදුකර ඩොලර් ගෙන ඒම හැර වෙනත් විසඳුමක් මැණික් ස්වර්ණාභරණ ව්‍යාපාරිකයෙකු ලෙස මා දන්නෙ නැත. අප ආයතනයෙන් මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය අධ්‍යනයකරන සියලුදෙනා හට උදා වූ මෙම අවස්ථාව යහපත් ලෙස භාවිතා කරන ලෙසද ඉල්ලා සිටිමි. සියලු දෙනාට ජය වේවා!!!. තෙරුවන් සරණයි!!! Article Prepared by : සම්පත් සමරසේකර Sampath Samarasekara Chairman: Gemological Institute of Ceylon Chairman: Youth Gem Professionals Association Chairman: Sampath Gems Director: Ceylon Sapphire Gems and Jewels Chairman: Nanosoft Web Develop Company Direct WhatsApp: https://wa.me/message/2A4AUALYVQWRA1 අපගේ වෙබ් අඩවි / Websites : www.giceylon.com www.bluesapphire.lk www.gemluck.com අපගේ facebook පිටුව හා සමූහය : https://www.facebook.com/giceylon/ https://www.facebook.com/groups/1990653001208203/?ref=share අපගේ මැණික් හා ස්වර්ණාභරණ ව්‍යාපාර උදව් telegram සමූහය සමග පහතින් සම්බන්ධ විය හැක / Join with Gem and Jewellery Business Help and Discussion Group on Telegram : https://t.me/joinchat/Q5cLnxilNw4xAr8T3TumfA All images and text content Copyrighted ©️[learn_press_profile]
blue sapphire ceylon

ආසන්න වශයෙන් වර්ග කිලෝමීටර් 65,500වන ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තයට සිත්ඇදගන්නා ප්‍රෞඩ ඉතිහාසයක් ඇත

ආසන්න වශයෙන් වර්ග කිලෝමීටර් 65,500වන ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තයට සිත්ඇදගන්නා ප්‍රෞඩ ඉතිහාසයක් ඇත. පුරාවෘත්තයනට අනුව දිවයිනට පය තැබූ මුල්ම මිනිසා එය හැඳින්වූයේ ‘තම්බපණ්ණි’ (‘තඹ රතු අත්’) ලෙසය. ඒ දූපතේ රතු වැලි ස්පර්ශ වූ විට ඔවුන්ගේ දෑත් පාට කළ ආකාරය නිසාය. 16 වන සියවසේදී පෘතුගීසි අධිරාජ්‍යය එය හැඳින්වූයේ “සිලෝ” ලෙසින් වන අතර එය අවසානයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය විසින් “සිලෝන්” ලෙස පරිවර්තනය කරන ලදී. අතිවිශිෂ්ට රටක් ලෙස පරිවර්තනය කෙරෙන ශ්‍රී ලංකාවේ නිල නාමය 1972 වන තෙක් පිළිගෙන නොතිබුණි. සංස්කෘත භාෂාවෙන් ‘මැණික් දූපත’ ලෙස පරිවර්තනය කෙරෙන මැණික් ගල් වෙළෙඳාමේදී ඉමහත් ප්‍රසිද්ධියක් ඇති ශ්‍රී ලංකාව ‘රත්න ද්වීප’ ලෙස ද හැඳින්වේ. භූමියට සාපේක්ෂව විශාල මැණික් ප්‍රමාණයක් ඇතුළුව ශ්‍රී ලංකාවේ විවිධ වර්ගවල මැණික්නිධි ඇත.වසර 2000 කටත් වැඩි කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව සිය වටිනා ස්වාභාවික සම්පත් ලෝක වෙළෙඳපොළට ලබා දී ඇත. අද ලොව මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ වටිනාකම දිනෙන් දිනම ඉහළ යයි. මැණික් වල ඉතිහාසය මෙන්ම මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ගැන ගැන ඔබ උනන්දුවක් දක්වනවාද? කුතුහලයෙන් සිටිනවාද? WhatsApp හරහා ඔබගේ නම සමග පණිවිඩයක් එවා අප විසින් නොමිලේ ඔබට ලබාදෙන රත්නවිද්‍යා පොත ( pdf ) බාගත කරගැනීමට සබැඳිය (link)ලබාගන්න. WhatsApp Link : https://wa.me/message/2A4AUALYVQWRA1 එමෙන්ම අපගේ මැණික් ව්‍යාපාරයට උදව් telegram සමූහයට පහත සබැඳියෙන් ( link ) එක්වන්න. Telegram Group link : https://t.me/joinchat/U7Wo0B4Rv1LdO6Z8[learn_press_profile]
ceylon blue sapphire

සිලෝන් නැතහොත් ශ්‍රී ලංකාව ලෝකයට ඉහළමපෙළේ අතිවිශිෂ්ටගණයේ නිල් මැණික් සපයන ප්‍රධාන රටකි.

සිලෝන් නැතහොත් ශ්‍රී ලංකාව ලෝකයට ඉහළමපෙළේ අතිවිශිෂ්ටගණයේ නිල් මැණික් සපයන ප්‍රධාන රටකි.කාශ්මීරය හා බුරුමය යන ප්‍රදේශ හා රටවලින් ඉහළමපෙළේ නිල්මැණික් හමුවුවද අද පවතින තත්වය අනුව එම ස්ථානවලින් ලෝක වෙළඳපොළට නිල් මැණික් පැමිණීම අඩාළවී ඇත. උදාහරණයක් ලෙස බර ක්‍රාත් 392.52 පමණ වූ ශ්‍රී ලංකාවේ හමුවූ Blue Belle of Asia ලෙස නම්කළ නිල් මැණික 2014 නොවැම්බර් මාසයේදී ඩොලර් මිලියන 17.5 කට ස්විට්සර්ලන්තයේ ජිනීවාවලදී අලෙවි විය. ඒ කාලයේ රුපියල් වටිනාකමට ගණනය කළහොත් (17.5mil usd * 130) රු.මිලියන 2275 එනම් රු.කෝටි 227.5 පමණවිය. නමුත් අද 2021 දී එම වටිනාකම අපගේ දැණුම හා අත්දැකීම් අනුව මෙයට වඩා තුන් ගුණයකට වැඩිවිය යුතුය. දිනෙන් දිනම නිල් මැණික්වලට ඇති මිල ඉහළ යනනිසා විදේශිකයන් නොපැකිලව ඔවුන්ගේ මුදල් නිල් මැණික් සඳහා ආයෝජනය කරයි. ඉතිහාසය බැලුවහොත්, නිල් මැණික් පුරාණ ග්‍රීසියේ සහ රෝමයේ රජවරුන් සහ බිසෝවරුන් සතුරුකම් වලින් හා හානිවලින් ආරක්ෂා කරන බව විශ්වාස කෙරිණි.මධ්‍ය කාලීන යුගයේදී ස්වර්ගය සංකේතවත් කිරීම සඳහා පූජකවරුන් නිල් මැණික් පැළඳ සිටි අතර සාමාන්‍ය ජනතාව විශ්වාස කළේ මෙම මැණික් පිටසක්වලින් පැමිණි බවයි.පුරාණ හා මධ්‍යතන යුගයේ නිල් මැණික් නියෝජනය කළේ විශ්වාසයේ සංකේතයයි. ආධ්‍යාත්මික,තීක්ෂ්ණ බුද්ධිය සහ වාසනාව ගෙනඒමේ හැකියාව මෙන්ම ආරක්‍ෂක ගුණාංගද ඒවායේ ඇතැයි විශ්වාස කෙරේ. වර්තමාන ලෝකයේ මෙම සුන්දර නිල් මැණික්ගල් තවමත් ශක්තිය,බලය, කරුණාව සහ විශිෂ්ට විනිශ්චය පිළිබඳ ප්‍රබල සංකේතයකි. එමෙන්ම රාජකීයයන් අතර කැපී පෙනෙන පළඳනා වලට මෙන්ම ඔටුනු වලටද යොදාගෙන ඇත. ඔබටත් මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ගැන උනන්දුවක් ඇතිනම් අපගේ telegram සමූහය හා එකතු වී සිටින්න. Telegram Group Link : https://t.me/joinchat/U7Wo0B4Rv1LdO6Z8 දැණුම අවශ්‍ය අය අප ලබාදෙන රත්නවිද්‍යා පොත ලබාගැනීමට WhatsApp හරහා ඔබගේ නම හා ඊමේල් ලිපිනය එවන්න. WhatsApp Link : https://wa.me/message/2A4AUALYVQWRA1[learn_press_profile]