online gemshop

මොකක්ද මේ Online Gem Shop එකක් කියන්නේ?

මොකක්ද මේ Online Gem Shop එකක් කියන්නේ? කොහොමද තමන්ටම කියලා Online Gem Shop එකක් හදාගන්නේ? ඒකෙන් කොහොමද වෙනත් රටක හෝ වෙනත් තැනක ඉන්න කෙනෙක්ට අපි ළඟ තියෙන මැණික් එකතුව හරියට පෙන්වන්නේ? Online මැණික් විකුණන්න ඉංග්‍රීසි දැනුම අවශ්‍යමද? මේ වසංගත කාලයේදී අපි මැණික් ව්‍යාපාරය ජයගත්තේ කොහොමද? මොකද පහුගිය කාලයේ ඇති වුන තත්ත්වයත් එක්ක අපේ සියලුම ව්‍යාපාර වහන්න වුණත් අන්තර්ජාලය ගැන විශ්වාසය තියපුනිසා අදටත් අපි කාගෙන්වත් උදව් උපකාර බලාපොරොත්තු නොවී තමන්ගේම උත්සහයෙන් ජීවත් වෙනවා. ඉදිරියටත් කිසිදු රජයකින් හෝ ආයතනයකින් අපේ ප්‍රශ්න වලට උත්තර හම්බ වෙනකම් බලන් හිටියොත් අපෙත් කෙස් ටික පැහිලා මැරිලා යන එක තමයි වෙන්නේ. ඒක නිසයි මම පහුගිය කාලේ ගොඩක් අයට නොමිලේ පොත් බෙදලා දුන්නේ.දැණුම තමයි අන්තිමට අපිට පිහිට වෙන්නේ. ඉතින් Online Trading කියලා දෙන්න අපි මේවා කරල ඉන්නම ඕන නිසයි කාලයක් සද්ද නොකර හිටියේ. දැන් වඩාත් හොද අත්දැකීම් එක්කම ඔයාලට මේක හොදට පැහැදිලි කරලා කියලා දෙන්න පුළුවන් පහුගිය මාස 18 ම අපි වැඩ කළේ online. මොකද උදාහරණයක් විදිහට ගත්තොත් මම සංචාරක සමාගම් සිය ගණනක් එක්ක රට හොඳට තිබෙද්දී වැඩ කරා. නමුත් අද තත්ත්වය ඔයාලට අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඒ වගේම තමයි මේ අවස්ථාවේ අපෙන් වැඩිපුරම ඉගෙනගන්නේ විදේශිකයන් සහ විදෙස්ගත අය. එයාලා පතලක්වත් දකින්නෙ නැතිව, රළු මැණික් ගැන දන්නෙවත් නැතුව අන්තර්ජාලය හරහා ඉගෙනගෙන අන්තර්ජාලයෙන්ම හොඳට හම්බ කරනවා. මේ යන විදිහට රට කොයි වෙලේ අරියිද වහයිද කියලා බල බල බයෙන් ඉන්න අවශ්‍යතාවයක් නෑ එතකොට. ලංකාවේ ඉතින් ප්‍රවෘත්ති හා සමාජ මාධ්‍යයේ තියෙන කුණු කන්දල් ටික ඔලුවට දාගෙන නිදාගන්න ඉන්න පිරිස ඇහැරවන්න අමාරුයි කියලත් මම දන්නවා. නමුත් ඔයත් වෙනස් විදියට හිතන කෙනෙක් නම්, කල්පනා කරලා බලන්න ඩුබායිවල මේ වෙලාවේ ලෑස්තිවෙන්නෙ ජාත්‍යන්තර ප්‍රදර්ශනයක් තියන්න. ඇයි ඒයාල එහෙම හිතලා වැඩ කරන්නේ? මොකද බහුතරයක් සෘණාත්මකව හිතද්දි කීප දෙනෙකුට ධනාත්මකව හිතලා ඉක්මනින්ම සාර්ථක වෙන්න පුළුවන්. අන්න ඒකයි මැණික් ව්‍යාපාරය තුළත් දහස් ගණනකට වඩා සිටින ව්‍යාපාරිකයන් අතරින් සියයකටත් අඩු පිරිසක් අතර මුදල් ටිකයි, හොදම මැණික් ටිකයි බෙදිල යන්නෙ. ඔයාලා ධනවතුන් වගේ හිතන්න ගත්ත දවසට තේරෙයි ඔයාටත් ඒක කරන්න පුළුවන් කියලා. අනිත් අයට තියෙන සල්ලි වලට හැබැයි ඉරිසියා කරන්න නම් එපා. මුදල් වලට ගරු කරන්න. හරි අපිට ඉතින් ඒ දේවල් වෙනස් කරන්න බැහැනේ, නමුත් අපිට වෙනස් වෙන්න පුළුවන්. ඔයාලටත් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ බලපත්‍රයක් තිබෙනවා නම්, තමන්ගේම කියලා මැණික් ගල් දහයකට වඩා සහතිකත් එක්ක තියෙනවා නම්, මම කැමතියි ලංකා රත්න විද්‍යා ආයතනය වෙනුවෙන් මෙන්ම තරුණ මැණික් වෘත්තිකයන්ගේ සංගමය වෙනුවෙන් දැනට මැණික් ව්‍යාපාරය නිරතවන දහදෙනෙකුට සම්පූර්ණයෙන්ම නොමිලේ Online Gemshop එකක් හදාගෙන ජාත්‍යන්තර වෙළෙඳපොළට නැතිනම් අවසාන පාරිභෝගිකයාට මැණික් විකුණලා විශාල ලාභයක් ගන්න ආකාරය කියලා දෙන්න. පහත තිබෙන අයදුම්පත සම්පූර්ණ කරලා අපිට එවන්න. https://forms.gle/zrys2Q3wSUSXUueeA ඔයාලටත් සමාජය දියුණුවීම ගැන, නැතිනම් මැණික් ව්‍යාපාරය දියුණු වෙනවා දකින්න කැමැත්තක් තිබෙනවා නම් මෙම පෝස්ට් එක අවශ්‍ය අයට share කරලා දැනුම් දෙන්න. මැණික් හා ස්වර්ණාභරණ ව්‍යාපාරයට උදවු telegram සමූහයට පහතින් එක්වන්න. https://t.me/joinchat/U7Wo0B4Rv1LdO6Z8 අපිට හැමෝම හදන්න බැරිවෙයි.නමුත් පුළුවන් කට්ටියට උදව් කරනවා. කලිනුත් කරා ඉදිරියටත් එහෙමයි. සියලු දෙනාට ජය වේවා!!!. තෙරුවන් සරණයි!!! Article Prepared by : සම්පත් සමරසේකර Sampath Samarasekara Chairman: Gemological Institute of Ceylon Chairman: Youth Gem Professionals Association Chairman: Sampath Gems Director: Ceylon Sapphire Gems and Jewels Director: Ceylon Gem Fair International Chairman: Nanosoft Web Develop Company Direct WhatsApp: https://wa.me/message/2A4AUALYVQWRA1 Websites : www.giceylon.com www.bluesapphire.lk www.gemluck.com www.ceylongemfair.com Join with Gem and Jewellery Business Help and Discussion Group on Telegram : https://t.me/joinchat/Q5cLnxilNw4xAr8T3TumfA All images and text content Copyrighted ©️[learn_press_profile]
blue sapphire

මැණික් කර්මාන්තයේ කොඳුනාරටිය පතල් කර්මාන්තයයි.

ශ්‍රී ලංකාවට සුවිශේෂීවූ සම්පතක් වන මැණික් නැතහොත් දුර්ලභ හා අලංකාර පාෂාණ සොයායාම සියවස් ගණනාවක සිට සිදුවෙමින් පවතී. එම වටිනා මැණික් ශ්‍රී ලංකාවේ නාමය ලොව පුරා බබළවමින් පවතී. එපමණක් නොව ධනකුවේරයන් බිහි කිරීමටද ධනකුවේරයන් සතුටු කිරීමටද මැණික් සමත්වී ඇත. තමා සතුව වටිනා වස්තුවක් ඇති බව පෙන්වීමට මෙන්ම අලංකාර මැණික් පැලඳීමට ලොව පුරා බොහෝ අය ආශාවක් දක්වයි. ගොඩ ඉඩම් වල සාමාන්‍ය වලවල් හෑරීමේ සිට යන්ත්‍ර සූත්‍ර යොදාගෙන කරන විශාල ප්‍රමාණයක කැණීම් මෙන්ම අපටම සුවිශේෂවූ ලී යොදාගෙන තට්ටු පතල් හා දෝනා සෑදීමෙන්ද,ගංගා ඇල දොලවලද පතල් කර්මාන්තයේ යෙදෙන දසදහස් ගණනක් වෘත්තිකයන් පිරිසක් සිටී. කිසිදු ආයතනයක ඉගැන්වීම් කටයුතු සිදු නොකරන පතල් කර්මාන්තය නැතහොත් මෙම ප්‍රධාන සැපයුම නොමැතිනම් මැණික් කර්මාන්තය සිදුකළ නොහැක. අප මිලදීගන්නා මැණික් විශාල ජීවිත අවදානමක් ගෙන දවස පුරා ජලයෙ සිට, මඩ තවරාගෙන මාස ගනන් වෙහෙසී උඩට ගෙන දුන් ඔබ සැමට මෙම ව්‍යාපාරයට කරන සුවිශේෂී මෙහෙවරට අපගේ ස්තූතිය පුද කරන අතර,මැණික් හා ස්වර්ණාභරණ ව්‍යාපාරිකයන් ලෙස අප පතල් කර්මාන්තය රැකගැනීමට ඔවුන්ව දිරිමත් කිරීමට හා ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමට වගබලාගත යුතුයි. තවත් පින්තූර හා වීඩියෝ නැරඹීමට අපගේ වෙබ් අඩවියට පහතින් පිවිසෙන්න.
Gem Mining | Treasure Hunting | Main 3 Methods
මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ට උදව් telegram සමූහයට පහතින් සම්බන්ධ වන්න. https://t.me/joinchat/U7Wo0B4Rv1LdO6Z8 අප විසින් නොමිලේ ලබාදෙන රත්න විද්‍යාව PDF පොත ලබාගැනීමට WhatsApp හරහා පණිවිඩයක් එවන්න. WhatsApp Link : https://wa.me/message/2A4AUALYVQWRA1 Article Composed by : සම්පත් සමරසේකර Sampath Samarasekara Chairman: Gemological Institute of Ceylon Chairman: Youth Gem Professionals Association Chairman: Sampath Gems Director: Ceylon Sapphire Gems and Jewels Director: Ceylon Gem Fair International Chairman: Nanosoft Web Develop Company Websites : www.giceylon.com www.bluesapphire.lk www.gemluck.com www.ceylongemfair.com Join with Gem and Jewellery Business Help and Discussion Group on Telegram : https://t.me/joinchat/Q5cLnxilNw4xAr8T3TumfA All images and text content Copyrighted ©️[learn_press_profile]
blue sapphire

ව්‍යාපාරිකයෙකු ලෙස මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේදී ඔබ ආයෝජනය කළ යුත්තේ කුමන මැණික් වලටද? කොපමණ කාලයකින් මෙම ව්‍යාපාරය ඉගෙනගත හැකිද?

මෙම ලිපිය විශේෂයෙන් ආධුනිකයන් වශයෙන් දින කිහිපයකින් මැණික් ව්‍යාපාරය ඉගෙනගෙන ධනවතුන් වීම සඳහා වෙළඳපොළට පැමිණෙන ඔබ සඳහාමය. මා මෙම ව්‍යාපාරයේ පූර්ණකාලීනව වසර 12ක පමණ කාලයක් නිරතවෙමි. නිවිතිගල, රත්නපුර, කුරුවිට, පැල්මඩුල්ල, හැරනියාවක, ඇඹිලිපිටිය, බඩල්කුඹුර, කලවාන, ඔක්කම්පිටිය හා තවත් බොහෝ තැන්වල වසර පහක් තිස්සේ වෙළෙඳපොළ වෙත යාමට මෙන්ම විශ්වවිද්‍යාල බඳු ඒවායේ අත්දැකීම් ලබා ගැනීමට මාහට හැකියාව ලැබිණි. වසර පහක පමණ වෙළෙඳපොල ප්‍රායෝගික පුහුණුවෙන් පසුව තමන්ගේම කියා ස්ථානයක ව්‍යාපාරයක් පටන්ගෙන කලින් ලබා ගත් අත්දැකීම් හා වර්තමාන ලෝකයේ අන්තර්ජාලය තුළින් ලබාගත් මෙන්ම විදේශිකයන් විශාල ප්‍රමාණයක් සමග හුවමාරු කරගත් දැනුමද ව්‍යාපාර කිරීමේ අත්දැකීම්ද ලබාගෙන අද දිනය තුළත් මෙම ව්‍යාපාරය තවදුරටත් ඉගෙන ගනිමින් සිටිමි. මේ දැවැන්ත ව්‍යාපාරය තුළ මමත් ශිෂ්‍යයෙකි. එහිදී මා දුටු විශේෂ කරුණක් නම් වැඩි අවදානමක් ගෙන, විශාල කාලයක් කැපකිරීමෙන් ගෙවුඩ කර්මාන්තයට අවතීර්ණවූ ව්‍යාපාරිකයින් මෙම කර්මාන්තයේ සුපිරි ධනවතුන් බවට පත්වී ඇත. එනම් ගෙවුඩ ලෙස වර්ගීකරණය කරන කොරන්ඩම් පවුලේ මැණික් තාපකරණයෙන් නිල් මැණික් බවට පත් කළ පිරිස මෙන්ම ඒ සඳහා ආයෝජනය කළ අයද විශාල මුදලක් උපයා ඇත. එමෙන්ම සංචාරක කර්මාන්තය හා සම්බන්ධවී මැණික් හා ස්වර්ණාභරණ විකුණූ අය ද විශාල වශයෙන් මුදල් උපයා ඇත. එහිදී එම සංචාරකයින් ශ්‍රී ලංකාවේ මිල ගනන් ඔවුන්ගේ රටවල මිල ගනන් හා සසඳා විශාල මිලක් දී මැණික් හා ස්වර්ණාභරණ මිලදී ගනියි. ජාති ගල් ( Precious Gemstones ) විශේෂයෙන් ස්වභාවික තත්වයේම තිබෙන නිල් ,රතු ,පසින්ගල් ,වෛරෝඩි, ආර්නූල්,මැණික් කපා ඔපදමා විකුණූ අයද ඊළඟ අදියරේ දී සාර්ථක වූ අය ලෙස දැකගත හැක. එමෙන්ම පුෂ්පරාග හා රෝස පැහැති කොරන්ඩම් පවුලේ වැනි මැණික් විකිරණවලට ලක් කිරීමෙන් වර්ණය වැඩි කර අපනයනය කළ අයද විශාල වශයෙන් මුදල් උපයන අතර ඔවුන්ගේ පැවැත්මක් නොමැත. හේතුව ඔබට සිතා ගත හැකි බව මා සිතමි. එමෙන්ම රබහ, තෝරමල්ලි, ජාගූන් ,පඩියම් වැනි Semi Precious ලෙස සලකන මැණික් මිලදීගෙන විකුණන අය ද යම් කිසි මට්ටමක රඳා පවතී. නමුත් වෙනත් රටවල විශාල වශයෙන් මෙවැනි මැණික් හමුවන නිසා ලොකු ලාභයක් ලබාගත නොහැක. මෙයට අමතරව දුර්ලභ මැණික් එකතු කරන අය සිටියද ඔවුන් ව්‍යාපාරිකයින් වශයෙන් ශ්‍රී ලංකාව තුළ සාර්ථකවනවා මා දැක නොමැත. නමුත් එදිනෙදා වෙළඳපොලේ දුර්ලභ මැණික් ඇත. හඳුනාගත හැකි නම් ඔබත් ජයග්‍රාහකයෙකි. මෙයට අමතරව තැරැව්කරුවන් වශයෙන් වැඩ කරන පිරිසද බහුතරයක් එදිනෙදා ජීවනෝපාය සඳහා අවශ්‍ය මුදල උපයා ගනියි. එමෙන්ම මැණික් කර්මාන්තයට අවශ්‍ය උපකරණ හා සේවා සපයන අයද, තාපකරණය වැනි කටයුතු කරන අයද සාර්ථක වීඇති උදාහරණ ඕනෑතරම් වෙළඳපොළෙහි ඇත. ඉහත සටහන මාගේ ප්‍රායෝගික මැණික් ව්‍යාපාරික ජීවිතයේ අත්දැකීම් වනඅතර ඔබ දන්නා විශේෂ දෙයක් තිබේනම් Comment කිරීමෙන් මෙම ව්‍යාපාරයට නවකයන් වශයෙන් බොහෝ බලාපොරොත්තු තබාගෙන පිවිසෙන අයවෙනුවෙන් සටහන් කරන මෙන් ඉල්ලා සිටිමි. විශේෂයෙන් පැවසිය යුත්තේ ඔබට ප්‍රායෝගික අත්දැකීම් ලබාගෙන විශ්වාසයක් දැනෙන තුරු ආයෝජනය කිරීමෙන් වළකින ලෙසයි. දලං හෝ වටිනාකමින් අඩු මැණික් මිලදීගෙන ව්‍යාපාරිකයන් වශයෙන් සාර්ථක වූ පිරිසක් මා දැකනොමැත. එමෙන්ම වෙළඳපොළට පැමිණීමේදී නිසි ආලෝක ප්‍රභවයක් රැගෙනවිත් ගල්වල පලුදු දෝෂ හා නිවැරදි වර්ණය දැක මැණික් මිලදීගන්න. තවත් කෙනෙකු කියූ පමණින් නොව ඔබට විකිණිය හැකි මැණික් පමණක් මිලදී ගන්න. විශේෂයෙන් මැණික් වෙළෙඳපොළේදී මා නවකයින් විශාල පිරිසක් දැකඇත. ඔවුන්ව වටකරගෙන හෝ ඔවුන්ට ආදරයෙන් කතා කරන්න තැරැව්කරුවන්ද බොහෝ දැකඇත. වෙළඳපොලේ නොවිකිණෙන ගෝමේද,රබහ, කළු කිරිංචි, දලම් කියා වර්තමානයේ පවසන නොවටිනා තත්වයෙ මැණික් තොග හොඳ මිලට විකිණීමට තැරැව්කරුවන් දරන උත්සාහය අලෙවිකරණ උපාධියකින් පවා ඉගැන්විය හැකිද යන්න මා විටෙක කල්පනා කරමි. කණගාටුවට කරුණ නවකයින්ගෙන් බහුතරයක් කෙටි කාලයකින්ම අතුරුදහන්වීමයි. මෙයට ප්‍රධානතම හේතුව ඔවුන් සතු ප්‍රාග්ධනය ඉක්මනින් ඉවරවීම ලෙස මා බොහෝ නවකයින්ගෙන් විමසා දැන ගත්තෙමි. එමනිසා ගමන් වියදම් ගියාට ව්‍යාපාරය පිළිබඳ හොඳ අවබෝධයක් ලැබෙනතුරු ආයෝජනය කිරීමෙන් වළකින ලෙස නැවතත් අවධාරණය කරමි. සියලු දෙනාට ජය වේවා!!!. තෙරුවන් සරණයි!!! Article Prepared by : සම්පත් සමරසේකර Sampath Samarasekara Chairman: Gemological Institute of Ceylon Chairman: Youth Gem Professionals Association Chairman: Sampath Gems Director: Ceylon Sapphire Gems and Jewels Director: Ceylon Gem Fair International Chairman: Nanosoft Web Develop Company[learn_press_profile]
huge blue sapphire

මැණික් මැණික් මිලකළ නොහැකි මැණික්????

ලොව ඉහළම වටිනාකමක් ඇති මැණික් හමුවන ශ්රී ලංකාවේ ඇත්ත වශයෙන්ම මිල පරාසය සීමාවක් නොමැති මැණික් ඇත.
නමුත් මිලක් නියම කළ හැක.
මෙහි ඇති අභාග්ය නම් ඉතාම සුළු පිරිසක් පමණක් කර්මාන්තයේ නිරත වීමත් ඉහළ මිලක් ලබාගැනීමට හැකි වෙළඳපොළ කරා යන්නේ ඉතාමත් සුළු පිරිසක් විමය.
එමෙන්ම මිල කළ නොහැකි මැණික් වල රස රහස දන්නා විදේශීය නව ව්යාපාරික පරපුර ලංකාවට පැමිණ ඉතාමත්ම අඩු මුදලකට මැණික් මිලදී ගෙන එම මොහොතේම අන්තර්ජාලය හරහා විකිණීමට තරම් දක්ෂ වීඇත.
ඇත්ත වශයෙන්ම ප්රවෘත්තිවල යන ආකාරයට මිල කළ නොහැකිය යන්න මා හට අර්ථ දැක්විය හැක්කේ මිල කිරීමට තරම්, කර්මාන්තයට අවතීර්ණ වීම තරම් දැනුමක් නොමැති අයට එවැනි ප්රවෘත්ති වලින් එක්තරා චුම්බනයක් ලබාදිය හැකි බවය.
එය අපගේ නිදහස් අධ්යාපන ක්රමය තුළ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය පිළිබඳ දැනුම ලබා ගැනීම සඳහා අවම පහසුකම් තිබීම මෙන්ම ඉතාම සුළු පිරිසක් එම රස රහස දැනගෙන තමාගේ ව්යාපාර කටයුතු තවතවත් දියුණු කරගැනීමට උත්සුක වීම තුළින් අන් අයට එය දැන ගැනීමට ඇති ඉඩකඩ අවහිරවීම නිසා ඇති වූවකි.
බොහෝවිට ඔබ මැණික් ව්යාපාරිකයකුගෙන් මෙම කර්මාන්තය ගැන විමසූ විට ලැබෙන්නේ අර්ථය සැඟවූ පිළිතුරුය. විවෘතව මේ ගැන කතා කරන්නේ බොහෝ සුළු පිරිසකි.
ඉතින් මිල කළ නොහැකි මැණික්වල මිල තීරණය කරන්නේ කෙසේද කියා මා ඔබට කෙටියෙන් පවසන්නම්.
මා මෙම කර්මාන්තයේ පූර්ණකාලීනව වසර දොළහක පමණ නිරතවෙමි. එහිදී සරල ලෙස මා ඉගෙනගත් හා මිල තක්සේරු කරන ක්රමවේද කිහිපයක් පහත පැහැදිලි කරමි. එම දැනුම ඔබට ඇසෙන ප්රවෘත්ති මෙන්ම මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය යනු කුමක්ද යන්න පැහැදිලි කරගැනීමට ඉවහල් වේයැයි සිතමි.
මැණික් ගලක මිල තීරණය වන්නේ,
එහි වර්ගය , ප්රමාණය , බර , වර්ණය, හැඩය හා පළුදු තත්ත්වය, එය හමුවූ රට, එයට යම්කිසි ප්රතිකාරයක් කර තිබේද හා එයට ඇති ඉල්ලුම මෙන්ම ඔබගෙන් එය මිලදී ගන්නේ කවුද යන්න මතය.
උදාහරණයක් ලෙස රුපියල් 20,000 කට පමණ මා මිලදී ගන්නා නිල් මැණිකක් නිවැරදිව කපා ඔප දමා රත්රන් වලින් මුදුවක් සාදා $1200 කට (රු.240,000) පමණ අලෙවි කිරීමේදී එම මැණිකට රුපියල් ලක්ෂ දෙකක පමණ වටිනාකමක් ලැබේ.ඉතින් එවැනි වෙළඳපොලක් තිබියදී බොහෝ අය සිදු කරනුයේ මැණිකක් කපා ඔප දමා සාමාන්ය වෙළඳපොලක විකිණීමයි.
ඉතින් ඉහත සඳහන් කළ අවසාන පාරිභෝගිකයා වෙත අලෙවිය සිදුකිරීමට හැකි නම් ඔබටත් මාසයක් තුල මුදු කිහිපයක් විකිණීම පමණක් සෑහේ.
මේ සඳහා බොහෝ උදාහරණ මා සතුව ඇත. මෙම ව්යාපාරයේ පතල් කරුවාගේ සිට අවසාන පාරිභෝගිකයා දක්වා වසර ගණනාවක් තිස්සේ අධ්යයන් කටයුතු සිදු කිරීමෙන් මා වගකීමෙන් මෙම තොරතුරු දක්වා ඇත.
ඉහත කරුණු අතරෙන් අවශ්ය දැනුම ලබා ගැනීමට නම් ඔබ මෙම කර්මාන්තයේ ක්රියාවලිය දැනගත යුතුය. පොතකින් මැණික් වර්ග ගැන ඉගෙන ගත හැකි වුවද , වර්ණ ගැන දැනගත හැකි වුවද, ප්රමාණය හා බර උපකරණ වලින් මැනිය හැකි වුවද, පලුදු අනුව මිල තීරනය කර එහි අපට ලබාගත හැකි අවසාන ප්රතිඵලය දැකිය හැක්කේ එහි නිරතවීමෙනි. එමෙන්ම එහි ඉල්ලුම දැනගැනීමට වෙළෙඳපොළ හා නිතරම සම්බන්ධ විය යුතුය.එසේ නොමැතිව දින කිහිපයකින් මෙම කර්මාන්තය ඉගෙනගැනීම සිහිනයකි.
ඔබ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය නිසිලෙස අධ්යයනය කරන්නේ නම් ලෝකයේ ඉල්ලුමට සැපයුම ලබාදීමට අවශ්ය තවත් පිරිසක් අපට ඉතා ඉක්මනින් බිහිකළ හැකිවනු ඇත.
*විශේෂයෙන් විදේශ රටවල රැකියාව කරන අයට මෙම කර්මාන්තයේ නිරත වන අය එම රටවලින් සොයා පහසුවෙන් ශ්රී ලංකාවේ සිට මැණික් ගෙන්වා ව්යාපාරයට අවතීර්ණ විය හැක.
*එමෙන්ම තවත් රැකියාවක් කරන අතර අමතර රැකියාවක් ලෙස ද මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ට අවතීරණ විය හැක.
*උසස් පෙළින් පසු උසස් අධ්යාපනය ලබන අතරතුරද මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය පහසුවෙන් අධ්යයනය කළ හැක.
දැනටමත් ඉහත අංශ තුනේම පිරිස අප හා සම්බන්ධ වී කටයුතු කරයි.
ඔබටත් අප හා තොරතුරු හුවමාරු කර ගැනීමට, අප ව්යාපාර කරන ආකාරය අධ්යයනය කිරීමට අපගේ වෙබ් අඩවි හා සම්බන්ධ තොරතුරුද දක්වා ඇත.
පහත වෙබ් අඩවිය විවෘත කර මා සම්බන්ධ වූ වැඩසටහන්, ලිපි අධ්යයනය කළ හැක.අවසානයේ ඇති රත්න විද්යාව ( Gemology ) පොත නොමිලේ බාගත (free download) කරගන්න.
අපගේ telegram සමූහය තුළ ඔබට ඔබට ඇති ගැටළු යොමු කරන්න.
කෙලින්ම මා හා සම්බන්ධවීමට WhatsApp භාවිතා කරන්න. WhatsApp හරහා ගැටළු යොමු කරන්න. Phobe +94777576897
ඔයාලගේ දැනුමත් හුවමාරු කරගන්න.
පහත Google පෝරමය ( Fill and submit the Google form ) පුරවා තබන අයට අප ආයතනයේ වැඩසටහන් ගැන,මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය සම්බන්ධ තොරතුරු නොමිලේ ලබාගැනීමට හැක.
සියලු දෙනාට ජය වේවා!!!. තෙරුවන් සරණයි!!!
Article Prepared by :
සම්පත් සමරසේකර
Sampath Samarasekara
Chairman: Gemological Institute of Ceylon
Chairman: Youth Gem Professionals Association
Chairman: Sampath Gems
Director: Ceylon Sapphire Gems and Jewels
Director: Ceylon Gem Fair International
Chairman: Nanosoft Web Develop Company
Join with Gemological Institute of Ceylon for Practical Gemology Studies
Join with Gem and Jewellery Business Help and Discussion Group on Telegram :
All images and text content Copyrighted ©️
[learn_press_profile]