gemology

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ ව්‍යාපාරිකයන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට කොපමණ දායකත්වයක් දක්වනවාද?

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ ව්‍යාපාරිකයන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට කොපමණ දායකත්වයක් දක්වනවාද?

අප දත්ත වශයෙන් ගතහොත් මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ගැන කිහිප තැනකින්ම තොරතුරු ලබාගත හැක.

එහිදී මම ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයෙ වෙබ් අඩවියෙන් ලබා ගෙන ඇති තොරතුරු කිහිපයක් දක්වන්නම්.

https://www.srilankabusiness.com/gem-diamond-and-jewellery/sri-lanka-gemstones/

Export Revenue නැතහොත් අපනයන ආදායම ලෙස ඩොලර් මිලියන 298 රුපියල් වලින් ගතහොත් 298*180 ( 2019 විනිමය අනුපාත අනුව එකසිය අසූවෙන් වැඩි කළහොත් ) මිලියන 53,640 දක්වා ඇත.

එමෙන්ම ලක්ෂ තුනක පිරිසක් රැකියා කරන බවත් එහි සඳහන්ය.

එමෙන්ම එම වෙබ් පිටුව තුල ප්‍රධාන අපනයනකරුවන් ගැන මෙන්ම තවත් තොරතුරුද ඇත.

දත්ත අධ්‍යයනය කිරීමෙන් අප මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තකරුවන් ලෙස ලංකාවේ ආර්ථිකයට විශාල දායකත්වයක් දක්වන බව ඔබට වැටහෙනු ඇත.

එමෙන්ම තවත් තොරතුරු ලබාගතහැකි වෙබ් අඩවි කිහිපයක් පහත සඳහන් කර ඇත.

https://web.archive.org/web/20200728232749/http://ngja.gov.lk/en/statistics

https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/statistics/otherpub/ess_2020_e1.pdf

https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/press/pr/press_20201214_external_sector_performance_october_2020_e.pdf

පහත දක්වා ඇත්තේ තායිලන්තය , චීනය , ඉන්දියාව හා ඇමෙරිකාව යන රටවල තොරතුරු සඳහන් වෙබ් අඩවි කිහිපයකි.

https://www.statista.com/topics/5841/jewelry-market-in-the-united-states/#topicHeader__wrapper

https://www.ibef.org/exports/gems-and-jewellery-export.aspx

https://www.researchgate.net/publication/276840942_Exploring_the_Chinese_Gem_and_Jewelry_Industry

http://www.en.thaigemjewelry.or.th/ExportStatisticsAgo-Thaigemjewelry

ඔබත් මෙම කර්මාන්තයට සම්බන්ධ අයෙක් නම් , ආසාවක් උනන්දුවක් ඇති අයෙක් නම් මෙම දත්ත හා තොරතුරු සලකා බලා මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ ඇති වටිනාකම හා එය දියුණු කළ යුතු බව තව තවත් අලුතෙන් ව්‍යාපාරිකයන් බිහිවිය යුතු බව වැටහෙනු ඇත.

එනම් ලෝක වෙළඳපොළට අවශ්‍ය මැණික් හා ස්වර්ණාභරණ සැපයීමට අවශ්‍ය ව්‍යසායකයන් අප බිහිකළ යුතුය.

ඔබ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය නිසිලෙස අධ්‍යයනය කරන්නේ නම් ලෝකයේ ඉල්ලුමට සැපයුම ලබාදීමට අවශ්‍ය තවත් පිරිසක් අපට ඉතා ඉක්මනින් බිහිකළ හැකිවනු ඇත.

*විශේෂයෙන් විදේශ රටවල රැකියාව කරන අයට මෙම කර්මාන්තයේ නිරත වන අය එම රටවලින් සොයා පහසුවෙන් ශ්‍රී ලංකාවේ සිට මැණික් ගෙන්වා ව්‍යාපාරයට අවතීර්ණ විය හැක.

*එමෙන්ම තවත් රැකියාවක් කරන අතර අමතර රැකියාවක් ලෙස මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය අවතීරණ විය හැක.

*උසස් පෙළින් පසු උසස් අධ්‍යාපනය ලබන අතරතුරද මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය පහසුවෙන් අධ්‍යයනය කළ හැක.

දැනටමත් ඉහත අංශ තුනේම පිරිස අප හා සම්බන්ධ වී කටයුතු කරයි.

ඔබටත් අප හා තොරතුරු හුවමාරු කර ගැනීමට, අප ව්‍යාපාර කරන ආකාරය අධ්‍යයනය කිරීමට අපගේ වෙබ් අඩවි හා සම්බන්ධ තොරතුරුද දක්වා ඇත.

පහත වෙබ් අඩවිය විවෘත කර මා සම්බන්ධ වූ වැඩසටහන්, ලිපි අධ්‍යයනය කළ හැක.අවසානයේ ඇති රත්න විද්‍යාව ( Gemology ) පොත බාගත (download) කරගන්න.

https://www.giceylon.com/2021/06/01/gemology-book-for-your-knowledge-free/

ඔයාලගේ දැනුමත් හුවමාරු කරගන්න.

පහත Google පෝරමය ( Fill and submit the Google form ) පුරවා තබන අයට අප ආයතනයේ වැඩසටහන් ගැන,මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය සම්බන්ධ තොරතුරු නොමිලේ ලබාගැනීමට හැක.

https://docs.google.com/forms/d/e/1FAIpQLSd8B_vJq-eicHDFyZdAJZaA1jd1VrwG35LEoJeSdxrXUBJgvw/viewform?fbclid=IwAR28fbBMe7bD3L40sST75E_AQi2G7aGZFqDqTbZZTMHVHEmqs_TEFnqrNNM

ඔයාලගේ දැනුමත් හුවමාරු කරගන්න. සියලු දෙනාට ජය වේවා!!!. තෙරුවන් සරණයි!!! සම්පත් සමරසේකර Sampath Samarasekara Chairman : Gemological Institute of Ceylon Chairman : Youth Gem Professionals Association Chairman : Sampath Gems Director : Ceylon Sapphire Gems and Jewels Director : Ceylon Gem Fair International Chairman : Nanosoft Web Develop Company Direct WhatsApp : https://wa.me/message/2A4AUALYVQWRA1 Join with Gemological Institute of Ceylon Facebook Page : https://www.facebook.com/giceylon Facebook Group : https://www.facebook.com/groups/1990653001208203 Facebook Profile : GI Ceylon Websites : www.giceylon.com www.bluesapphire.lk www.gemluck.com www.buyroughgems.com www.ceylongemfair.com මැණික් හා ස්වර්ණාභරණ ව්‍යයාපාරයේ ගැටලු සාකච්ඡා කිරීම සඳහා අපගේ telegram සමූහය හා එක්වන්න. https://t.me/joinchat/Q5cLnxilNw4xAr8T3TumfA තරුණ මැණික් වෘත්තිකයන්ගේ සංගමයේ Facebook සමූහය සඳහා පහත link භාවිතා කරන්න. https://www.facebook.com/groups/755511404627847/?ref=share All images and text content Copyrighted ©️[learn_press_profile]
gemstones inclusions

මැණික් හා ස්වර්ණාභරණ සම්බන්ධයෙන් නිකුත් කරන වාර්තාවක ( Certificate / Report ) හා රත්නවිද්‍යාඥයකුගේ (Gemologist) වැදගත්කම

මැණික් හා ස්වර්ණාභරණ සම්බන්ධයෙන් නිකුත් කරන වාර්තාවක ( Certificate / Report ) හා රත්නවිද්‍යාඥයකුගේ (Gemologist) වැදගත්කම

පතල්කරුවන් දැඩි උත්සාහයක්දරා , ජීවිත අවදානමද ගෙන පොළොව මතුපිටට ගෙනආ මිණිකැටයකට ජ්‍යාත්‍යන්තර වෙළෙඳපොළේදී මිලක් නියමවීමටනම් ඒසඳහා වාර්ථාවක් අත්‍යාවශ්‍යය. විශේෂයෙන් වර්තමානයේ අවසාන පාරිභෝගිකයාහට බොහෝ මැණික් හා ස්වර්ණාභරණ අලෙවිවන්නේ එම වාර්තාව පදනම්වය. එසේ නොමැතිව මැණික් හා ස්වර්ණාභරණ මිලදී ගන්නේ දැඩි විශ්වාසයක් ඇති අය පමණි. පසුගිය වසර 12ක් තුළ මා දැක ඇති, මිලදී ගත් හා විකුණු 90%කට වඩා පමණ මැණික් හා ස්වර්ණාභරණ සියල්ල සහතික පත්‍රයක් නැතහොත් වාර්තාවක් සමග විකුණු ඒවාය. එම නිසා ඔබටත් මැණික් ගලක් මිලදී ගැනීමේදී හෝ විකිණීමේදී එම ලියවිල්ලක වටිනාකම දැනෙනවා ඇත. විශේෂයෙන් එම වාර්තා නිකුත් කරන රත්න විද්‍යාඥයන්හට අපගේ ගෞරවය හිමිවිය යුතුය.මා දන්නා බොහෝ රත්න විද්‍යාඥයින් විශාල කැපකිරීමක්කර රත්නවිද්‍යාව ඉගෙනගෙන රසායනාගාරවල ප්‍රායෝගික පුහුණුව ලබා එම අත්දැකීම් මත අපට විශාල සේවයක් සපයයි. කෙටියෙන් පැවසුවොත් අවසානයේදී විකිණෙන්නේ එම වාර්තාව මත පදනම් වූ මැණික් ගලක් හෝ ස්වර්ණාභරණයකි. එම නිසා ඔබටත් හැකි පමණින් රත්නවිද්‍යාව අධ්‍යයනය කරන්න. මැණික් වෙළෙඳපොළකදී ලබා ගන්නා දැනුම මෙන්ම අධ්‍යාපනයක් වශයෙන් ඉගෙනගතයුතු භූගෝලය හා රත්නවිද්‍යාව සම්බන්ධ තොරතුරු මැණික් කර්මාන්තයට ඉතාම වැදගත්වන බව මා අත්දැක ඇත. එමෙන්ම රාජ්‍ය අංශයේ සිට පෞද්ගලික අංශයේ සිටින සියලුම රත්නවිද්‍යාඥයින්හට මාගේ ගෞරවය පුදකිරීමට මෙය අවස්ථාවක් කරගන්නවා.ඔවුන් නිසා අපගේ ව්‍යාපාර කටයුතු ඉතාමත් සාර්ථකවී ඇත. මා එසේ පවසන්නේ විදේශ රටවල් ගණනාවක දී මුණගැසුනු එමෙන්ම අන්තර්ජාලයෙන් අප හා සම්බන්ධ වී සිටින, අපගෙන්ද හැකි තරම් දැනුම ලබාගන්නා කිසිදු දිනක මැණික් පතලක් හැබැහින් දැක නොමැති, එමෙන්ම වෙළෙඳපොළකට ගොස් හොරුන්ට, තක්කඩින්ට අසුවී අප කියන ආකාරයට තැලී පොඩි වී නොමැති නමුත් දැනුමින් පරිණත මැණික් ව්‍යාපාරිකයින් අපට වඩා යහමින් මෙම කර්මාන්තයේ නිරත වනවා අත්දැක ඇති නිසයි. එම නිසා මා නිතරම බෙදාදෙන ඔබටත් අන්තර්ජාලයෙන් සොයා ගත හැකි රත්නවිද්‍යාව සම්බන්ධ පොත් අධ්‍යයනය කරන්න. මැණික් කර්මාන්තයේ යනු සැබවින්ම ඔබට වාසනාව ගෙනදෙන කර්මාන්තයකි. අප අධ්‍යාපනය ලබනකාලයේ රත්නවිද්‍යාව පාසල් විෂයයක් වශයෙන් තිබුණනම් අපට විශාල ගමනක් කෙටි කලකින් යාමට හැකියාව තිබිණි. විශේෂයෙන් මෙම කර්මාන්තයේ ව්‍යාපාරිකයෙක් වීමට නම් ඔබටම ආවේණික රටාවක් නිර්මාණය කරගන්න. ගෙවුඩ මිලදීගෙන තාපකරනයටලක්කර ( Heat Treatment ) විකිණීමෙන් ඉදිරියට යාම උදාහරණයක් ලෙස ගත හැක. එමෙන්ම සමහර ව්‍යාපාරිකයින් ස්වාභාවික තත්වයෙන්ම කපා ඔප දැමිය හැකි නිල්, රතු ,පද්මරාග , පසින්ගල් ( Blue Sapphire ,Pink Sapphire and Ruby , Padparadscha , Alexandrite ) මැණික්ගල් ගැනපමණක් පරිණත භාවයක් ඇත. තවත් සමහරු කෝවංගු පුෂ්පරාග ගැන විශේෂඥයෝ වෙති. තවත් අය සුදු නිල් ( White Sapphire ) පමණක් මිලදී ගනියි. තවත් අය ගෝමේද,අඹතෙස්,කිරිංචි ( Garnet, Amethyst, Spinel ) එකතු කරයි. දුර්ලභ මැණික් වර්ග ( Rare Gemstones ) එකතු කරන අයද ඇත.මේ ආකාරයෙන් ව්‍යාපාරයේ එක් අංශයක් පමණක් ප්‍රගුණ කළඅය ස්ථාවරවී සිටිනවාද දැකගතහැක. නමුත් සෑම මැණික් වර්ගයක් ගැනම අවබෝධයක්, දැනුමක් තිබීම ඔබට නොසිතූ මොහොතක වාසනාව ගෙනඑනවා ඇත. උදාහරණයක් ලෙස මෑතකදී කනකයක් ( Chrysoberyl ) ලෙස විකුණු මැණික් ගලක් රසායනාගාරයකදී පසිංගල් මැණිකක් ලෙස සහතික වීමෙන් මිලදී ගත් මුදලට වඩා සිය ගුණයකටත් වැඩි මුදලකට විකිණීම සඳහන්කළ හැක. ඔයාලගේ දැනුමත් හුවමාරු කරගන්න. සියලු දෙනාට ජය වේවා!!!. තෙරුවන් සරණයි!!! සම්පත් සමරසේකර Sampath Samarasekara Chairman : Gemological Institute of Ceylon Chairman : Youth Gem Professionals Association Chairman : Sampath Gems Director : Ceylon Sapphire Gems and Jewels Director : Ceylon Gem Fair International Chairman : Nanosoft Web Develop Company Direct WhatsApp : https://wa.me/message/2A4AUALYVQWRA1 Join with Gemological Institute of Ceylon Facebook Page : https://www.facebook.com/giceylon Facebook Group : https://www.facebook.com/groups/1990653001208203 Facebook Profile : GI Ceylon Websites : www.giceylon.com www.bluesapphire.lk www.gemluck.com www.buyroughgems.com www.ceylongemfair.com මැණික් හා ස්වර්ණාභරණ ව්‍යයාපාරයේ ගැටලු සාකච්ඡා කිරීම සඳහා අපගේ telegram සමූහය හා එක්වන්න. https://t.me/joinchat/Q5cLnxilNw4xAr8T3TumfA තරුණ මැණික් වෘත්තිකයන්ගේ සංගමයේ Facebook සමූහය සඳහා පහත link භාවිතා කරන්න. https://www.facebook.com/groups/755511404627847/?ref=share All images and text content Copyrighted ©️[learn_press_profile]
practical gemology

වික්ෂිප්තව කාලය ගත කරන මැණික් ව්‍යාපාරිකයන් වෙනුවෙන් මාගේ අත්දැකීම් COVID UPDATE

වික්ෂිප්තව කාලය ගත කරන මැණික් ව්‍යාපාරිකයන් වෙනුවෙන් මාගේ අත්දැකීම්.

හරි වැඩේ නේද? මේ වසංගතය හින්දා මැණික්වල මිල අඩු වෙලා නේද? දැන් ඉතින් අපි මොකද කරන්නේ?

මෙන්න මේ වගේ අසුබවාදී අදහස් කනට එහෙන් මෙහෙන් වැටෙන නිසා මගේ අදහස් පවසන්නෙමි.

අපේ ව්‍යාපාරිකයෝ හිතන් ඉන්නේ අපි තමයි මුළු ලෝකෙටම මැණික් වික්කේ කියලා.

නෑ එහෙම හිතන් ඉන්න අය එක රාමුවක කොටු වෙලා ඉන්නේ.

ලෝකයේ මැණික් ප්‍රදර්ශනයක් ගත්තොත් දහස් ගණන් ව්‍යාපාරිකයින් පැමිණෙනවා. එතනින් ලාංකිකයෝ ඉන්නේ බොහෝම අතළොස්සයි. වගේම තමයි ලෝකයට අවශ්‍ය මැණික් ප්‍රමාණය සපයන්න තරම් අපේ සැපයුම මදි.

වගේම තමයි බහුතරයක් හැමදාම මැණික් විකුණන්නෙ අතරමැදියන් පිරිසකටයි. ඉතින් අතරමැදියෝ කියන ඒවා අහල ඔයාලා මහන්සියෙන් හොයාගත්ත මැණික් අඩුවට විකුණන තරම් කලබල වෙන්න එපා. ඔයාලා හොඳට කල්පනා කරල බලන්න අපේ මැණික් ලංකාවේ විකුණුවේ කීයටද, පිටරටකදී විකිණෙන්නේ කීයටද කියලා. ඉතිං වගේ අධික ලාභයක් තියාගෙන වෙළඳාම් කරපු වෙළෙන්දෝ ඉදිරියේදිත් මේ ව්‍යාපාරය අතහරින්නේ නෑ. ඒක නිසා ඔයාලගේ මැණික් වලට නියම වටිනාකමක් ඉක්මනටම ලැබෙනවා.

කොහොමත් මේ ඇදිරිනීතිය අස්සෙ මැණික් වල මිල අඩුයි කියලා කියන්න බෑ. මම ඇඳිරිනීතිය දාපු දවසේ ඉඳලා විදේශ රටවල ව්‍යාපාරිකයන් හොයනවා. දවසකට අනිවාර්යෙන් එක්කෙනෙක් හරි මට හම්බෙනවා. හැමෝම නැවතත් මේ ව්‍යාපාරයම තමයි කරන්නේ. මොකද එයාලා මේ වටිනා රටේ, මේ වටිනා මැණික්වලින් අධික ලාභයක් ලබනවා.

ඉතින් සහෝදර,සහෝදරියනි ඔබත් මැණික් ව්‍යාපාරයෙ නිරත වූයේ නම් සුබවාදීව මෙයට මුහුණ දෙන්න. දැනට වියදම හොයාගන්න පොඩි ලාභයකට ගල් විකුණන්න. නමුත් හොඳ මැණික්වලට හොඳ මිලක් ලෝකයේ තිබෙනවා.

මම දන්න විදිහට මේ ව්‍යසනයෙන් තවමත් දැවැන්ත ව්‍යාපාරිකයන් කවුරුවත් මැරුණෙ නෑ. වගේම තමයි අපේ මැණික් දැන් trend එකක් වෙලා විවාහ ගිවිස ගැනීමේ මුදු වලට පැළඳීමේ ප්‍රවණතාවක් තිබෙනවා. ඔයාලා ඔය ඔලුව අවුල් කරන මාධ්‍ය ප්‍රවෘත්ති දවසට එක පාරක් විතරක් බලන්න. මොකද ඒව බැලුවා කියලා අපේ ව්‍යාපාරය දියුණු කරන්න බෑ. පුලුවන් හැම වෙලාවෙම ලෝකයේ එහා කොනක හරි ඉන්න ඔයාලගේ මැණික් මිලදී ගන්න බලන් ඉන්න ගැනුම්කරුවන් හොයන්න.

මතක තියාගන්න මේ අවස්ථාවේ ලෝකෙ ගැනුම්කරුවන් විවේකෙන් ඉන්නේ. ඒක අපිට හොඳ අවස්ථාවක් ඔවුන් සමග අපගේ තොරතුරු හුවමාරු කරගන්න.

පහල මං ලබාදී තිබෙන links බලල  ලෝකයේ මැණික් ව්‍යාපාරය ගැන, අපි ඉන්නෙ කොතැනද කියලා අවබෝධයක් ලබාගන්න.

ඔයාලගෙ දැනුම හුවමාරු කරගන්න.

සියලු දෙනාට ජය වේවා!!!. තෙරුවන් සරණයි!!!

සම්පත් සමරසේකර

Sampath Samarasekara

Chairman : Youth Gem Professionals Association

Chairman : Gemological Institute of Ceylon

Chairman : Sampath Gems

Director : Ceylon Sapphire Gems and Jewels

Director : Ceylon Gem Fair International

Chairman : Nanosoft Web Develop Company

Direct WhatsApp : https://wa.me/message/2A4AUALYVQWRA1

Join with Gemological Institute of Ceylon

Facebook Page : https://www.facebook.com/giceylon

Facebook Group :  https://www.facebook.com/groups/1990653001208203

Facebook Profile : https://www.facebook.com/gicceylon

Websites :

www.giceylon.com

www.bluesapphire.lk

www.gemluck.com

www.buyroughgems.com

www.ceylongemfair.com

මැණික් හා ස්වර්ණාභරණ ව්‍යයාපාරයේ ගැටලු සාකච්ඡා කිරීම සඳහා අපගේ telegram සමූහය හා එක්වන්න.

https://t.me/joinchat/Q5cLnxilNw4xAr8T3TumfA

තරුණ මැණික් වෘත්තිකයන්ගේ සංගමයේ Facebook සමූහය සඳහා පහත link භාවිතා කරන්න.

https://www.facebook.com/groups/755511404627847/?ref=share

Resources to study :

http://www.worldsrichestcountries.com/top-gems-importers.html

https://www.researchgate.net/publication/292807837_Classification_of_gem_deposits_of_Sri_Lanka

https://www.srilankabusiness.com/pdf/incapreportgemsjewel.pdf

[learn_press_profile]
online gem business

Module 1 for Online Gem Trading

දැනට මැණික් ව්‍යාපාරයේ නිරත වන අන්තර්ජාලය තුලින් වෙළඳාම් කටයුතු දියුණු කිරීමට අදහස් කරන අය සඳහා අන්තර්ජාලය තුලින් ඔබගේ මැණික්වලට හොඳ මිලදීගන්නෙක් සොයාගන්න පුලුවන් ක්‍රමයක්. Basic Module 1. Try this first මේ සඳහා පළමුව ඔබට හොඳ ව්‍යාපාර නාමයක් හා හොඳ මැණික් එකතුවක් තිබිය යුතුය. එමෙන්ම සියලුම මැණික් සඳහා පිලිගන්නා සහතික පත්‍රයක් ලබාගෙන තිබිය යුතුය. ඔබ අන්තර්ජාලය තුළින් සමාජ මාධ්‍ය හා වෙබ් අඩවි භාවිතයෙන් හොඳ නමක් ගොඩනඟා ගන්න. හොඳ මිලක් ලබා ගන්න නම් අපගේ මැණික් අලෙවිවිය යුත්තේ ස්වර්ණාභරණ නිෂ්පාදනය කරන අය හා ඒවා පලදින අයටයි, එමෙන්ම මැණික් ආයෝජනයක් වශයෙන් එකතු කරන අයටයි. ඔවුන්ට අවශ්‍ය මැණික් බොහෝවිට මිලදී ගන්නේ මැණික් ප්‍රදර්ශන හා තොග අලෙවි කරන්නන් හරහාය. ලංකාවට බොහෝ දුරට පැමිණෙන්නේ මැණික් තොගවශයෙන් සාදා විකුණන අයයි. ඔබ දැනට හොඳ ස්වර්ණාභරණ නිෂ්පාදනය කරන ආයතන හා සම්බන්ධ වීමට linkedin වැනි වෘත්තිකයන් භාවිතා කරන සමාජ මාධ්‍යයක් භාවිතා කර එම ආයතන හිමිකරුවන් හා සම්බන්ධ විය හැක. එමෙන්ම පහත දක්වා ඇති වෙබ් අඩවි තුලින් අන්තර්ජාලය හරහා වෙළඳාම් කරන බොහෝ අය සොයාගත හැක.
Online Exhibitor List 2020
https://www.americangemsociety.org/search/custom.asp?id=4674 මෙවැනි වෙළඳාම් කරන අයගේ ලිස්ට් එකක් තෝරාගෙන ඔවුන්ට ඔබ පිළිබඳව ඇති තොරතුරු, ඔබගේ මැණික් inventory එක ඊමේල් හා මැසෙන්ජර් හරහා යවන්න. මෙය එක් මොඩලයක් පමණි. මෙය අත්හදා බලන්න. අපගේ මැණික් ව්‍යාපාරික උදව් සමූහය හා එක් වීමට පහත ලින්ක් එක භාවිත කරන්න. https://t.me/joinchat/Q5cLnxilNw4xAr8T3TumfA ඔයාලගේ දැනුමත් හුවමාරු කරගන්න. සියලු දෙනාට ජය වේවා!!!. තෙරුවන් සරණයි!!! සම්පත් සමරසේකර Sampath Samarasekara Chairman : Gemological Institute of Ceylon Chairman : Youth Gem Professionals Association Chairman : Sampath Gems Director : Ceylon Sapphire Gems and Jewels Director : Ceylon Gem Fair International Chairman : Nanosoft Web Develop Company Direct WhatsApp : https://wa.me/message/2A4AUALYVQWRA1 Join with Gemological Institute of Ceylon Facebook Page : https://www.facebook.com/giceylon Facebook Group : https://www.facebook.com/groups/1990653001208203 Facebook Profile : GI Ceylon Websites : www.giceylon.com www.bluesapphire.lk www.gemluck.com www.buyroughgems.com www.ceylongemfair.com මැණික් හා ස්වර්ණාභරණ ව්‍යයාපාරයේ ගැටලු සාකච්ඡා කිරීම සඳහා අපගේ telegram සමූහය හා එක්වන්න. https://t.me/joinchat/Q5cLnxilNw4xAr8T3TumfA තරුණ මැණික් වෘත්තිකයන්ගේ සංගමයේ Facebook සමූහය සඳහා පහත link භාවිතා කරන්න. https://www.facebook.com/groups/755511404627847/?ref=share All images and text content Copyrighted ©️[learn_press_profile]
practical gemology investment

මුදල් ආයෝජනය නොකර මැණික් ව්‍යාපාරය කළ හැකිද?

මුදල් ආයෝජනය නොකර මැණික් ව්‍යාපාරය කළ හැකිද? වර්තමාන ලෝකයේ මුදල් උපයන බොහෝ ක්‍රම ඇත. යම් කෙනෙකු යටතේ රැකියාව කිරීමෙන් (teacher,doctor,engineer) , තමන්ගේම ව්‍යාපාරයක් කිරීමෙන් (shop owner,factory owner) , යම් කෙනෙකුට ආයතනයකට අයිති භාණ්ඩයක් විකිණීමෙන් (sales person) ආදී උදාහරණ දැක්විය හැක. නමුත් ව්‍යවසායකයෙකු (Entrepreneur) සතුව ඉහත කී සියලුම ලක්ෂණ මෙන්ම හොඳ පරිපාලන (management) හැකියාවක්ද තිබිය යුතුය. මැණික් ව්‍යාපාරයෙන් සාර්ථක වීමට නම් ඉහත සියලු ලක්ෂණ මෙන්ම තවත් බොහෝ ප්‍රායෝගික අත්දැකීම් ලබාගත යුතුය. ඔබ මැණික් ව්‍යාපාරයට නවකයෙක් නම් අනිවාර්යෙන්ම තමන්ගේ මුදල් ආයෝජනය කර යම්කිසි මුදලකට මැණික් ගලක් මිලදී ගෙන එය ලාභයක් ඇතිව විකුනා අත්දැකීම් ලබාගත යුතුමය. එසේ නොමැතිව ඔබට අන්තර්ජාලය නැතහොත් සමාජ මාධ්‍ය තුළින් හමුවන විවිධ පුද්ගලයින් එවන මැණික් වල පින්තූර හා සහතික පත්‍ර එකිනෙකා හට හුවමාරු කිරීමෙන් සාර්ථක ව්‍යාපාරිකයකු විය නොහැක. එවැනි අවස්ථාවලදී විවිධ හෝටල් වලට පැමිණෙන ලෙස, බැංකු වලට පැමිණෙන ලෙස පවසා මා හට ද විශාල දුරකථන ඇමතුම් ප්‍රමාණයක් ලැබී ඇත. මේවා වසර ගණනාවක් තුළදී ලබාගත් අත්දැකීම් හා සසඳන විට විහිලුය. අවසානයේ බලන විට දහයකට නොඅඩු තැරැව්කරුවන් රැලකි. මිලදී ගන්නා සොයා ගැනීමට තවත් විශාල තැරැව්කරුවන් ප්‍රමාණයක් හරහා විදේශ රටවලට යා යුතුය. එවැනි තවත් කෙනෙකුට අයිති මැණික් ගලක් වෙළෙන්දෙකුට විකුණා ලාභයක් ලබා ගැනීම හෝ තැරැව් කරුවකු ලෙස ක්‍රියා කරන පුද්ගලයින් හට පොදු මැණික් සමාජයේ ඉරට්ටු කරුවකු යයි හඳුන්වයි. එවැනි මට්ටමේ දී ඔබට,විශාල මුදලක් මැණික් ව්‍යාපාරයෙන් සෙවිය නොහැක. අද මෙම ක්ෂේත්‍රයේ දැවැන්තයන් වී සිටින්නේ අවදානමක්ගෙන සමහර අවස්ථාවලදී තමන්ගේ සියලු මුදල් යටකර ව්‍යායාපාරයට අවතීර්ණ වූ අයයි. මා ද සමහර අවස්ථාවලදී මා ළඟ නොමැති මැණික්ගල් හා මා හට මිලදී ගැනීමට නොහැකි මැණික් ගල් මාගෙන් නිරතුරුවම මැණික් මිලදී ගන්නා අයට විකුනා ලාභ උපයා ඇත. නමුත් ඔබගේම කියා නමක් ගොඩනඟාගැනීමට අඩුම තරමේ රුපියල් පන්දහසක හෝ මැණික් ගලක් අවදානමක් ගෙන මිලදීගෙන කපා ඔපදමා සහතික පත්‍රයක් ලබාගෙන හොඳ ලාභයක් ලබා ගන්නා ක්‍රමය සොයන්න. එවිට ඔබගේම කියා මැණික් එකතුවක් සාදා ගත හැක. එවිට ඔබට අභිමානයකින් යුතුව මැණික් ව්‍යාපාරිකයකු ලෙස දිගු ගමනක් යා හැක. ඔයාලගේ දැනුමත් හුවමාරු කරගන්න. සියලු දෙනාට ජය වේවා!!!. තෙරුවන් සරණයි!!! සම්පත් සමරසේකර Sampath Samarasekara Chairman : Gemological Institute of Ceylon Chairman : Youth Gem Professionals Association Chairman : Sampath Gems Director : Ceylon Sapphire Gems and Jewels Director : Ceylon Gem Fair International Chairman : Nanosoft Web Develop Company Direct WhatsApp : https://wa.me/message/2A4AUALYVQWRA1 Join with Gemological Institute of Ceylon Facebook Page : https://www.facebook.com/giceylon Facebook Group : https://www.facebook.com/groups/1990653001208203 Facebook Profile : GI Ceylon Websites : www.giceylon.com www.bluesapphire.lk www.gemluck.com www.buyroughgems.com www.ceylongemfair.com මැණික් හා ස්වර්ණාභරණ ව්‍යයාපාරයේ ගැටලු සාකච්ඡා කිරීම සඳහා අපගේ telegram සමූහය හා එක්වන්න. https://t.me/joinchat/Q5cLnxilNw4xAr8T3TumfA තරුණ මැණික් වෘත්තිකයන්ගේ සංගමයේ Facebook සමූහය සඳහා පහත link භාවිතා කරන්න. https://www.facebook.com/groups/755511404627847/?ref=share All images and text content Copyrighted ©️[learn_press_profile]