ඩොලර් අර්බුධය සමග මැණික් වලට විශාල ඉල්ලුමක් මෙන්ම ඉහළ මිලක්.

ඩොලර් අර්බුධය සමග මැණික් වලට විශාල ඉල්ලුමක් මෙන්ම ඉහළ මිලක්. දැනට පවතින ඩොලර් එකකට ලැබෙන ඉතා ඉහළ අගය නිසා අපනයන වෙළෙඳපල හා කටයුතු කරන බොහෝ මැණික් ව්‍යාපාරිකයන්ගේ අතමිට සරුවී ඇත. උදාහරණයක් ලෙස අප අපනයනයක් සිදුකිරීමේදී පසුගිය සතියේදී ලැබුණේ රු.210ක් වැනි අගයකි. මේ වන විට එය රුපියල් 250ට වඩා ඉහළ ගිය නිසා ඩොලර් 1000ක් අපනයනකින් රු.50,000 වඩා වැඩි මුදලක් අපනයනකරුවෙකුට ලැබේ. එමෙන්ම ඔබ නිවැරදි අපනයන තත්ත්වයේ මැණික් වලට මුදල් ආයෝජනය කර තිබුණේ නම් ඉදිරියේදී විකිණෙන්නේද වැඩි මුදලටය. එම කරුණු නිසාම මෙන්ම පහුගිය කාලයේ ඇති වූ ඉල්ලුම නිසාම එම ව්‍යාපාරිකයින් දේශීය වෙළඳපොළ තුළද වැඩි මිලක් දී මැණික් මිලදී ගන්නා නිසා රු.100,000කට පමණ අලෙවි වු 1ct ක් පමණ වන පළමු පන්තියේ නිල් මැණිකක් රු.150,000කට වඩා වැඩි මුදලකට අලෙවි වනවා දැකගත හැක. සමහර අවස්ථාවල රු.200,000ද ඉක්මවා ගොස් ඇත. ( මෙය එක් උදාහරණයක් පමණි ප්‍රමාණයෙන් විශාල මැණික් සඳහා මෙයට වඩා විශාල මිල පරාසයකින් ඉල්ලුම් ඇත ) තවද පෞද්ගලික අත්දැකීම් අනුව යුරෝපීයයන් කිහිපදෙනෙකුම ආයෝජනය සඳහා හොඳ තත්ත්වයෙන් යුතු මැණික් ඉල්ලා දුරකථන ඇමතුම් ලැබුණි. මෙයට හේතුව යුධමය තත්ත්වය නිසා ඔවුන්ගේ මුදල් ආරක්ෂා කරගැනීමට අවශ්‍ය පසුබිම සකසා ගැනීමයි. මෙය බොරදියේ මාළු බෑම හා සමාන වුවත් ලෝකයට උසස් තත්වයේ මැණික් සපයන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්ට හොඳ අවස්ථාවකි. ඔවුන් ශ්‍රී ලංකාවෙන් හෝ වෙනත් රටකින් අනිවාර්යෙන්ම හොඳ මැණික් මිලදී ගෙන ඔවුන්ගේ මුදල් පහසුවෙන් ආරක්ෂා කරගන්නවා ඇත. එමෙන්ම අපගේ ව්‍යාපාරිකයන් තවතවත් ජාත්‍යන්තර මට්ටමේ සබඳතා ගොඩනඟා ගන්නවා නම් මීටත් වඩා හොඳ මිලක් ශ්‍රී ලංකාව තුළදීම විකිණෙන මැණික් වලට ලබාගත හැක. පහතින් දක්වා ඇති වෙබ් අඩවියෙන් ඔබට ඇමරිකාව තුල නිල් මැණික් අලෙවි වන මිල පැහැදිලිව දැකගත හැක. මෙවැනි වෙබ් අඩවි බොහෝ ගණනක් අන්තර්ජාලය තුළින් ඩොලර් මිලියන ගණන් එම රටවල් තුළට ගෙන එනවා අප වසර ගණනාවක් තුළ දැක ඇත. Ex : www.thenaturalsapphirecompany.com ඉහත සටහන තැබීමේ අරමුණ අපගේ ව්‍යාපාරිකයින් දිරිමත් කිරීම මෙන්ම උපන් රටට යම් තරමකින් හෝ සේවයක් කිරීමයි. මෙම අර්බුදය හමුවේ අපනයන වෙළඳපල වැඩි කිරීම සිදුකර ඩොලර් ගෙන ඒම හැර වෙනත් විසඳුමක් මැණික් ස්වර්ණාභරණ ව්‍යාපාරිකයෙකු ලෙස මා දන්නෙ නැත. අප ආයතනයෙන් මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය අධ්‍යනයකරන සියලුදෙනා හට උදා වූ මෙම අවස්ථාව යහපත් ලෙස භාවිතා කරන ලෙසද ඉල්ලා සිටිමි. සියලු දෙනාට ජය වේවා!!!. තෙරුවන් සරණයි!!! Article Prepared by : සම්පත් සමරසේකර Sampath Samarasekara Chairman: Gemological Institute of Ceylon Chairman: Youth Gem Professionals Association Chairman: Sampath Gems Director: Ceylon Sapphire Gems and Jewels Chairman: Nanosoft Web Develop Company Direct WhatsApp: https://wa.me/message/2A4AUALYVQWRA1 අපගේ වෙබ් අඩවි / Websites : www.giceylon.com www.bluesapphire.lk www.gemluck.com අපගේ facebook පිටුව හා සමූහය : https://www.facebook.com/giceylon/ https://www.facebook.com/groups/1990653001208203/?ref=share අපගේ මැණික් හා ස්වර්ණාභරණ ව්‍යාපාර උදව් telegram සමූහය සමග පහතින් සම්බන්ධ විය හැක / Join with Gem and Jewellery Business Help and Discussion Group on Telegram : https://t.me/joinchat/Q5cLnxilNw4xAr8T3TumfA All images and text content Copyrighted ©️[learn_press_profile]