වික්ෂිප්තව කාලය ගත කරන මැණික් ව්‍යාපාරිකයන් වෙනුවෙන් මාගේ අත්දැකීම් COVID UPDATE

වික්ෂිප්තව කාලය ගත කරන මැණික් ව්‍යාපාරිකයන් වෙනුවෙන් මාගේ අත්දැකීම්.

හරි වැඩේ නේද? මේ වසංගතය හින්දා මැණික්වල මිල අඩු වෙලා නේද? දැන් ඉතින් අපි මොකද කරන්නේ?

මෙන්න මේ වගේ අසුබවාදී අදහස් කනට එහෙන් මෙහෙන් වැටෙන නිසා මගේ අදහස් පවසන්නෙමි.

අපේ ව්‍යාපාරිකයෝ හිතන් ඉන්නේ අපි තමයි මුළු ලෝකෙටම මැණික් වික්කේ කියලා.

නෑ එහෙම හිතන් ඉන්න අය එක රාමුවක කොටු වෙලා ඉන්නේ.

ලෝකයේ මැණික් ප්‍රදර්ශනයක් ගත්තොත් දහස් ගණන් ව්‍යාපාරිකයින් පැමිණෙනවා. එතනින් ලාංකිකයෝ ඉන්නේ බොහෝම අතළොස්සයි. වගේම තමයි ලෝකයට අවශ්‍ය මැණික් ප්‍රමාණය සපයන්න තරම් අපේ සැපයුම මදි.

වගේම තමයි බහුතරයක් හැමදාම මැණික් විකුණන්නෙ අතරමැදියන් පිරිසකටයි. ඉතින් අතරමැදියෝ කියන ඒවා අහල ඔයාලා මහන්සියෙන් හොයාගත්ත මැණික් අඩුවට විකුණන තරම් කලබල වෙන්න එපා. ඔයාලා හොඳට කල්පනා කරල බලන්න අපේ මැණික් ලංකාවේ විකුණුවේ කීයටද, පිටරටකදී විකිණෙන්නේ කීයටද කියලා. ඉතිං වගේ අධික ලාභයක් තියාගෙන වෙළඳාම් කරපු වෙළෙන්දෝ ඉදිරියේදිත් මේ ව්‍යාපාරය අතහරින්නේ නෑ. ඒක නිසා ඔයාලගේ මැණික් වලට නියම වටිනාකමක් ඉක්මනටම ලැබෙනවා.

කොහොමත් මේ ඇදිරිනීතිය අස්සෙ මැණික් වල මිල අඩුයි කියලා කියන්න බෑ. මම ඇඳිරිනීතිය දාපු දවසේ ඉඳලා විදේශ රටවල ව්‍යාපාරිකයන් හොයනවා. දවසකට අනිවාර්යෙන් එක්කෙනෙක් හරි මට හම්බෙනවා. හැමෝම නැවතත් මේ ව්‍යාපාරයම තමයි කරන්නේ. මොකද එයාලා මේ වටිනා රටේ, මේ වටිනා මැණික්වලින් අධික ලාභයක් ලබනවා.

ඉතින් සහෝදර,සහෝදරියනි ඔබත් මැණික් ව්‍යාපාරයෙ නිරත වූයේ නම් සුබවාදීව මෙයට මුහුණ දෙන්න. දැනට වියදම හොයාගන්න පොඩි ලාභයකට ගල් විකුණන්න. නමුත් හොඳ මැණික්වලට හොඳ මිලක් ලෝකයේ තිබෙනවා.

මම දන්න විදිහට මේ ව්‍යසනයෙන් තවමත් දැවැන්ත ව්‍යාපාරිකයන් කවුරුවත් මැරුණෙ නෑ. වගේම තමයි අපේ මැණික් දැන් trend එකක් වෙලා විවාහ ගිවිස ගැනීමේ මුදු වලට පැළඳීමේ ප්‍රවණතාවක් තිබෙනවා. ඔයාලා ඔය ඔලුව අවුල් කරන මාධ්‍ය ප්‍රවෘත්ති දවසට එක පාරක් විතරක් බලන්න. මොකද ඒව බැලුවා කියලා අපේ ව්‍යාපාරය දියුණු කරන්න බෑ. පුලුවන් හැම වෙලාවෙම ලෝකයේ එහා කොනක හරි ඉන්න ඔයාලගේ මැණික් මිලදී ගන්න බලන් ඉන්න ගැනුම්කරුවන් හොයන්න.

මතක තියාගන්න මේ අවස්ථාවේ ලෝකෙ ගැනුම්කරුවන් විවේකෙන් ඉන්නේ. ඒක අපිට හොඳ අවස්ථාවක් ඔවුන් සමග අපගේ තොරතුරු හුවමාරු කරගන්න.

පහල මං ලබාදී තිබෙන links බලල  ලෝකයේ මැණික් ව්‍යාපාරය ගැන, අපි ඉන්නෙ කොතැනද කියලා අවබෝධයක් ලබාගන්න.

ඔයාලගෙ දැනුම හුවමාරු කරගන්න.

සියලු දෙනාට ජය වේවා!!!. තෙරුවන් සරණයි!!!

සම්පත් සමරසේකර

Sampath Samarasekara

Chairman : Youth Gem Professionals Association

Chairman : Gemological Institute of Ceylon

Chairman : Sampath Gems

Director : Ceylon Sapphire Gems and Jewels

Director : Ceylon Gem Fair International

Chairman : Nanosoft Web Develop Company

Direct WhatsApp : https://wa.me/message/2A4AUALYVQWRA1

Join with Gemological Institute of Ceylon

Facebook Page : https://www.facebook.com/giceylon

Facebook Group :  https://www.facebook.com/groups/1990653001208203

Facebook Profile : https://www.facebook.com/gicceylon

Websites :

www.giceylon.com

www.bluesapphire.lk

www.gemluck.com

www.buyroughgems.com

www.ceylongemfair.com

මැණික් හා ස්වර්ණාභරණ ව්‍යයාපාරයේ ගැටලු සාකච්ඡා කිරීම සඳහා අපගේ telegram සමූහය හා එක්වන්න.

https://t.me/joinchat/Q5cLnxilNw4xAr8T3TumfA

තරුණ මැණික් වෘත්තිකයන්ගේ සංගමයේ Facebook සමූහය සඳහා පහත link භාවිතා කරන්න.

https://www.facebook.com/groups/755511404627847/?ref=share

Resources to study :

http://www.worldsrichestcountries.com/top-gems-importers.html

https://www.researchgate.net/publication/292807837_Classification_of_gem_deposits_of_Sri_Lanka

https://www.srilankabusiness.com/pdf/incapreportgemsjewel.pdf

[learn_press_profile]