මැණික් හා ස්වර්ණාභරණ සම්බන්ධයෙන් නිකුත් කරන වාර්තාවක ( Certificate / Report ) හා රත්නවිද්‍යාඥයකුගේ (Gemologist) වැදගත්කම

මැණික් හා ස්වර්ණාභරණ සම්බන්ධයෙන් නිකුත් කරන වාර්තාවක ( Certificate / Report ) හා රත්නවිද්‍යාඥයකුගේ (Gemologist) වැදගත්කම

පතල්කරුවන් දැඩි උත්සාහයක්දරා , ජීවිත අවදානමද ගෙන පොළොව මතුපිටට ගෙනආ මිණිකැටයකට ජ්‍යාත්‍යන්තර වෙළෙඳපොළේදී මිලක් නියමවීමටනම් ඒසඳහා වාර්ථාවක් අත්‍යාවශ්‍යය. විශේෂයෙන් වර්තමානයේ අවසාන පාරිභෝගිකයාහට බොහෝ මැණික් හා ස්වර්ණාභරණ අලෙවිවන්නේ එම වාර්තාව පදනම්වය. එසේ නොමැතිව මැණික් හා ස්වර්ණාභරණ මිලදී ගන්නේ දැඩි විශ්වාසයක් ඇති අය පමණි. පසුගිය වසර 12ක් තුළ මා දැක ඇති, මිලදී ගත් හා විකුණු 90%කට වඩා පමණ මැණික් හා ස්වර්ණාභරණ සියල්ල සහතික පත්‍රයක් නැතහොත් වාර්තාවක් සමග විකුණු ඒවාය. එම නිසා ඔබටත් මැණික් ගලක් මිලදී ගැනීමේදී හෝ විකිණීමේදී එම ලියවිල්ලක වටිනාකම දැනෙනවා ඇත. විශේෂයෙන් එම වාර්තා නිකුත් කරන රත්න විද්‍යාඥයන්හට අපගේ ගෞරවය හිමිවිය යුතුය.මා දන්නා බොහෝ රත්න විද්‍යාඥයින් විශාල කැපකිරීමක්කර රත්නවිද්‍යාව ඉගෙනගෙන රසායනාගාරවල ප්‍රායෝගික පුහුණුව ලබා එම අත්දැකීම් මත අපට විශාල සේවයක් සපයයි. කෙටියෙන් පැවසුවොත් අවසානයේදී විකිණෙන්නේ එම වාර්තාව මත පදනම් වූ මැණික් ගලක් හෝ ස්වර්ණාභරණයකි. එම නිසා ඔබටත් හැකි පමණින් රත්නවිද්‍යාව අධ්‍යයනය කරන්න. මැණික් වෙළෙඳපොළකදී ලබා ගන්නා දැනුම මෙන්ම අධ්‍යාපනයක් වශයෙන් ඉගෙනගතයුතු භූගෝලය හා රත්නවිද්‍යාව සම්බන්ධ තොරතුරු මැණික් කර්මාන්තයට ඉතාම වැදගත්වන බව මා අත්දැක ඇත. එමෙන්ම රාජ්‍ය අංශයේ සිට පෞද්ගලික අංශයේ සිටින සියලුම රත්නවිද්‍යාඥයින්හට මාගේ ගෞරවය පුදකිරීමට මෙය අවස්ථාවක් කරගන්නවා.ඔවුන් නිසා අපගේ ව්‍යාපාර කටයුතු ඉතාමත් සාර්ථකවී ඇත. මා එසේ පවසන්නේ විදේශ රටවල් ගණනාවක දී මුණගැසුනු එමෙන්ම අන්තර්ජාලයෙන් අප හා සම්බන්ධ වී සිටින, අපගෙන්ද හැකි තරම් දැනුම ලබාගන්නා කිසිදු දිනක මැණික් පතලක් හැබැහින් දැක නොමැති, එමෙන්ම වෙළෙඳපොළකට ගොස් හොරුන්ට, තක්කඩින්ට අසුවී අප කියන ආකාරයට තැලී පොඩි වී නොමැති නමුත් දැනුමින් පරිණත මැණික් ව්‍යාපාරිකයින් අපට වඩා යහමින් මෙම කර්මාන්තයේ නිරත වනවා අත්දැක ඇති නිසයි. එම නිසා මා නිතරම බෙදාදෙන ඔබටත් අන්තර්ජාලයෙන් සොයා ගත හැකි රත්නවිද්‍යාව සම්බන්ධ පොත් අධ්‍යයනය කරන්න. මැණික් කර්මාන්තයේ යනු සැබවින්ම ඔබට වාසනාව ගෙනදෙන කර්මාන්තයකි. අප අධ්‍යාපනය ලබනකාලයේ රත්නවිද්‍යාව පාසල් විෂයයක් වශයෙන් තිබුණනම් අපට විශාල ගමනක් කෙටි කලකින් යාමට හැකියාව තිබිණි. විශේෂයෙන් මෙම කර්මාන්තයේ ව්‍යාපාරිකයෙක් වීමට නම් ඔබටම ආවේණික රටාවක් නිර්මාණය කරගන්න. ගෙවුඩ මිලදීගෙන තාපකරනයටලක්කර ( Heat Treatment ) විකිණීමෙන් ඉදිරියට යාම උදාහරණයක් ලෙස ගත හැක. එමෙන්ම සමහර ව්‍යාපාරිකයින් ස්වාභාවික තත්වයෙන්ම කපා ඔප දැමිය හැකි නිල්, රතු ,පද්මරාග , පසින්ගල් ( Blue Sapphire ,Pink Sapphire and Ruby , Padparadscha , Alexandrite ) මැණික්ගල් ගැනපමණක් පරිණත භාවයක් ඇත. තවත් සමහරු කෝවංගු පුෂ්පරාග ගැන විශේෂඥයෝ වෙති. තවත් අය සුදු නිල් ( White Sapphire ) පමණක් මිලදී ගනියි. තවත් අය ගෝමේද,අඹතෙස්,කිරිංචි ( Garnet, Amethyst, Spinel ) එකතු කරයි. දුර්ලභ මැණික් වර්ග ( Rare Gemstones ) එකතු කරන අයද ඇත.මේ ආකාරයෙන් ව්‍යාපාරයේ එක් අංශයක් පමණක් ප්‍රගුණ කළඅය ස්ථාවරවී සිටිනවාද දැකගතහැක. නමුත් සෑම මැණික් වර්ගයක් ගැනම අවබෝධයක්, දැනුමක් තිබීම ඔබට නොසිතූ මොහොතක වාසනාව ගෙනඑනවා ඇත. උදාහරණයක් ලෙස මෑතකදී කනකයක් ( Chrysoberyl ) ලෙස විකුණු මැණික් ගලක් රසායනාගාරයකදී පසිංගල් මැණිකක් ලෙස සහතික වීමෙන් මිලදී ගත් මුදලට වඩා සිය ගුණයකටත් වැඩි මුදලකට විකිණීම සඳහන්කළ හැක. ඔයාලගේ දැනුමත් හුවමාරු කරගන්න. සියලු දෙනාට ජය වේවා!!!. තෙරුවන් සරණයි!!! සම්පත් සමරසේකර Sampath Samarasekara Chairman : Gemological Institute of Ceylon Chairman : Youth Gem Professionals Association Chairman : Sampath Gems Director : Ceylon Sapphire Gems and Jewels Director : Ceylon Gem Fair International Chairman : Nanosoft Web Develop Company Direct WhatsApp : https://wa.me/message/2A4AUALYVQWRA1 Join with Gemological Institute of Ceylon Facebook Page : https://www.facebook.com/giceylon Facebook Group : https://www.facebook.com/groups/1990653001208203 Facebook Profile : GI Ceylon Websites : www.giceylon.com www.bluesapphire.lk www.gemluck.com www.buyroughgems.com www.ceylongemfair.com මැණික් හා ස්වර්ණාභරණ ව්‍යයාපාරයේ ගැටලු සාකච්ඡා කිරීම සඳහා අපගේ telegram සමූහය හා එක්වන්න. https://t.me/joinchat/Q5cLnxilNw4xAr8T3TumfA තරුණ මැණික් වෘත්තිකයන්ගේ සංගමයේ Facebook සමූහය සඳහා පහත link භාවිතා කරන්න. https://www.facebook.com/groups/755511404627847/?ref=share All images and text content Copyrighted ©️[learn_press_profile]