වෙනත් ව්‍යාපාරකයක හෝ රැකියාවක නිරතවන අතරතුර මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයට අවතීර්ණ වන්නේ කෙසේද?

වෙනත් ව්‍යාපාරකයක හෝ රැකියාවක නිරතවන අතරතුර මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයට අවතීර්ණ වන්නේ කෙසේද? දැනටමත් සාර්ථකව යම්කිසි ව්‍යාපාරයක හෝ වෘත්තියක නිරත වන්නේනම් මැණික් ව්‍යාපාරයට අවතීර්ණවීමට ඔබ මූලික සුදුසුකම් සපුරා ඇත. එනම් ඔබට ආදායමක් තිබෙන නිසා අවදානම අඩුය. එවිට ඔබ මිලදී ගන්නා මැණික් කඩිමුඩියේ විකිණීමට අවශ්‍ය නොවේ. ඔබගේ පාරිබෝගිකයා හා වැඩිම මිලක් ගෙවන තැනැත්තා හමුවනතුරු හොඳ උත්සාහයක යෙදීය හැක. පළමුව අප රට තුළ හමුවන හා වෙනත් රටවලින් ගෙන්වන මැණික් ගැන,මූලික මිල ගනන් ගැන අවබෝධයක්, අධ්‍යාපනයක් ප්‍රායෝගිකව ලබා ගත යුතුය. ව්‍යාජ මැණික්, තාප කරණය, දුර්ලභ මැණික් ගැනද ඉගෙන ගැනීම ඔබට විශාල පිටුවහලක් වේ. මෙහිදී අද ලෝකයේ වැඩියෙන්ම ඉල්ලුමක් ඇති මැණික් වර්ග ඉගෙන ගැනීම ඔබට ඉක්මනින් ව්‍යාපාරයට අවතීර්ණ වීමට පහසුවක් වේ. දෙවනුව කුඩා මුදලක් ආයෝජනයෙන් මැණික් මිලදී ගැනීමට පිවිසිය හැක.ඒ අතරතුර ව්‍යාපාරය ලියාපදිංචි කිරීම බලපත්‍ර ලබා ගැනීම වැනි වැඩ කටයුතු සිදු කළ හැක.මෙහිදී ලෝකය පිළිගන්නා සහතික පත්‍ර ලබා දෙන ආයතන ගැන දැනගැනීම වැදගත් වේ. ඔබට රළු ආකාරයටම මිලදීගෙන විකිණිය හැක. එනම් කපා ඔප නොදමාද මැණික්වලින් ලාභ ලබාගත හැක. තෙවනුව ඔබ සතුව ඇති මැණික් විකිණීම සඳහා වෙළඳපොලක් සෙවීම හා පාරිභෝගිකයන් අතරට නවීන තාක්ෂණය භාවිතා කරමින් ඔබගේ ව්‍යාපාරය ගෙන යාම සඳහා වැඩ කිරීම සිදු කළ හැක. තෙවැනි අදියරට පැමිණීමෙන් පසු දිනපතා මැණික් මිලදී ගන්නා අතරතුර විකිණීම කිරීමට ඔබට හැක. බොහෝ ආධුනිකයන් මැණික් ගැන අවබෝධයකින් තොරව අන් අය සතු මැණික් විකිණීමට යාමෙන් මුල් අදියරේ දී ම ව්‍යාපාරයෙන් බැහැර වේ. එම නිසා ඉතා ඉවසීමකින් ප්‍රායෝගික දැනුම වැඩි කරගෙන මෙම ව්‍යාපාරයට පිවිසෙන්න. ඔබගේ අදහස්ද මෙම ලිපිය හා එකතු කරන්න. ඔබට ජය!!! මෙම ලිපිය උපුටා ගැනීම අවශ්‍ය නම් මා හට දන්වන්න. මෙයට කලින් ලියූ ලිපි විකෘති කර ඇති නිසා එය මා හට දන්වා ලබාගැනීම අනිවාර්‍ය වේ. ඔබට ජය !!! සම්පත් සමරසේකර, සභාපති, තරුණ මැණික් වෘත්තිකයන්ගේ සංගමය. Email : sampathgems@gmail.com [learn_press_profile]