practical gemology blue sapphire crystal

මැණික් යනු මොනවාද?

මැණික් යනු මොනවාද? මැණික් යනු ඉතා දුර්ලභ ඛනිජ විශේෂ වේ. සරල විග්‍රහය අනුව අලංකාරය සහ කල් පැවැත්ම අනුව තෝරාගත් ස්වාභාවික ඛනිජ වර්ග කපා ඔප දමා මිනිසුන්ගේ අලංකරණයට හා භාවිතයට යොදා ගන්නා ගල් වර්ගයි. එමෙන්ම මුතු හා ඇම්බර් ජීවීන්ගෙන් ඇතිවන වටිනා ද්‍රව්‍ය වේ. මැණික් ඇති වන්නේ කෙසේද? tmp891460774369689601 මැණිකක් සෑදීමට අවශ්‍ය මූලද්‍රව්‍ය එකතු වීම මෙන්ම අලංකාරයෙන් යුතු පාරිශුද්ධ වස්තුවක් ලෙස එය ඇතිවීම ඉතා දුර්ලභ අවස්ථාවකි. සරලව පැවසුවහොත් පොළොව මධ්‍යයේ ඇති ලාවා ගිනිකඳු පිපිරීම් මගින් පොළොව මතුපිටට පැමිණේ. ලාවා පාෂාණ,ඛනිජ ලෙස තැන්පත් වෙයි.ඒවා පොළොව මතුපිටට පැමිණීමේ දී පීඩනයට, තාපයට, ස්වභාවික ක්‍රියාකාරකම් වලට යටත් වී විවිධ වූ මැණික් වර්ග රසායන සංයුතීන් අනුව එකතුවී හැදෙයි.මෙය මතුපිට සිට කිලෝමීටර් 400ක් දක්වා පරාසයක විහිදී ඇත. වසර මිලියන 150කට පමණ පෙර නිර්මාණය වූ නිල් මැණික් හා රතු මැණික් ද වසර මිලියන 970 ක සිට බිලියන 3.2 ක කාලයකට පෙර නිර්මාණය වූ දියමන්තිද අද අපට පොළොව මතුපිටින් හමුවී ඇත. මෙය පෘථිවිය තුල දිගටම සිදුවන ක්‍රියාවලියකි. මෙය පාෂාණ චක්‍රය නම් වේ. දියමන්ති නිල් හා රතු මැණික් පෙරිඩොට් ඉතා ගැඹුරු පරිසරයක නිර්මාණය වේ. එමෙන්ම පොළව අභ්‍යන්තරයේ දැඩි තාපය හා පීඩනය නිසා ද නිල් මැනික් ,රතු මැණික් ,කිරිංචි, ගෝමේද ආදි මැණික් නිර්මාණය වේ. එමෙන්ම ඛනිජ වර්ග බහුල ලාවා සිසිල් වීමේදීද මැණික් නිර්මාණය වේ. එමෙන්ම අවසාදිත ජලය තැන්පත් වීම නිසා ද මැලචයිට්,අසුරයිට්,ඹ්පල් ආදී මැණික් නිර්මාණය වේ. මැණික් වලට වටිනාකමක් ලැබෙන්නේ කෙසේද? download Egyptians used gemstones Ravana.v1 702x1024 1 A Drawing of King Rawana Queen Elizabeth Sapphire Jewels A Blue Sapphire Necklace of Queens Elizabeth කල්පැවැත්ම,දුර්ලභ බව,පිළිගැනීම,අලංකාරය වැනි සරල කාරණා මෙන්ම, ජ්‍යොතිෂය (Astrology)අනුව ග්‍රහ බලපෑම් අවම කරගැනීමට, සුවකිරීමේ(Healing) ක්‍රමවේද අනුව ශරීරයේ චක්‍රා වල බලය වැඩි කිරීමට, අභ්‍යවකාශ යානා වලට, ගුවන්යානා වලට, චන්ද්‍රිකාවලට, දුරකථන ආදී සන්නිවේදන උපකරණ නිර්මාණයට, දිගුකල් පවත්නා ඔරලෝසු ආදී උපකරණ නිර්මාණයට මැණික් භාවිතා වේ. අද කාලයේ විශේෂයෙන් ආයෝජනයට මෙන්ම මුදල් විශුද්ධිකරණයට මැණික් භාවිතාවේ. Investors Portal GemLuck scaled 1 Invest in Gemstones Research Stats by GemLuck Team ඩොලර් බිලියන ගණනක් වුවත් ඇඟිලි ප්‍රමාණයට ගැනීමට එක් මිණිකැටයකට හැකියාව ඇත. එම නිසා මැණික් යනු ඉතා හොඳ මුදල් ආරක්ෂකයෙක් මෙන්ම ආයෝජකයෙකි. සුව කිරීමේ හැකියාව විද්‍යාත්මකව ඔප්පු කර ඇත.ඕරාව පරීක්ෂාකර චක්‍රා බලවත් කිරීමට මැණික් පැලඳීම දියුණු රටවල බහුලව සිදු කරයි.මේ සඳහා විද්‍යාත්මකව නිපදවූ උපකරණ තිබේ. 20121301442428879 2012 03GroatF2 World Gemstones Map ශ්‍රී ලංකාවේ හමුවන මැණික් වල විශේෂ ගුණ ඇත. එමෙන්ම එම ස්වභාවික මැණික් වලට ලෝක වෙළෙඳ පොළේ ඉතා ඉහල වටිනාකමක් ලැබේ. ඈත අතීතයේ සිටම රජවරුන්, රාවණා වැනි බලපරාක්‍රමයන් පැතිරවූ බලවත් පුද්ගලයින්, සියලුම දෙවියන්, ඊජිප්තු පිරමීඩ, සංක්‍රමණික වෙළෙන්දන්, පර්යේෂකයන් සම්බන්ධ සෑම පුරාවෘත්තයකම, ඔවුන් භාවිත කළ ආභරණ හා විවිධ වූ ආයුධ මෙන්ම උපකරණ වල ද මැණික් භාවිතා වූ බව අපට පසක් වේ. විශේෂයෙන් කානේලියන් වැනි මැණික් වර්ග රජවරුන් තමන්ගේ කාම ශක්තිය වැඩිකරගැනීමට භාවිතා කර ඇත. FZTIMLILZGORWSKJ6U3X6AN2BY Gravity map of the World ශ්‍රී ලංකාව තුළ හමුවන මැණික් ඉතාම ඉහල පාරිශුද්ධත්වය කින් සමන්විතය. මැණිකක් තුළ තිබිය යුතු නියමාකාර රසායනික ප්‍රතිශතය ඇත. එමෙන්ම ලොව අඩුම ගුරුත්වයක් ඇති භූමියේ මතුවන නිසා විශ්ව ශක්තිය ආකර්ෂණය කිරීමේ බලය වැඩිය. මෙය ශ්‍රි ලංකාව තුළ ජනනය වන සෑම ජීවියෙකු තුලද දැකිය හැක. විශේෂයෙන් ශ්‍රි ලංකාවෙන් බිහිවන බුද්ධිමතුන් හා ඔවුන්ගේ ජාන ඉතා බලවත්ය , ඵල දරන සියලුම ශාක ආහාර විශේෂ පෝෂණ ගුණයෙන් වැඩිය. එම නිසා මේ භූමිය තුළ පර්යේෂණ අනුව ශ්‍රී ලංකාදීපයේ 25% ක් ඇති මැණික් සම්පත තුළද මෙම විශ්ව ශක්තියට ඇති ආකර්ෂණය වැඩි වීම නියතය. Healing මැණික් මගින් සුව කිරීමේ හැකියාව සෑම මැණික් ගලකම කම්පන ප්‍රමාණයක් ඇත. විශේෂයෙන් පළිඟු (Quartz) හා මනුෂ්‍යයාගේ කම්පන සංඛ්‍යාතය සමාන වේ. එවිට මනුෂ්‍ය ශරීරය තුළ සඛ්‍යාතයේ යම්කිසි දුර්වලතාවයක් ඇති වන විට පළිඟු (Quartz) සම්බන්ධ මැණිකක් පැළදීමෙන් එය සමබර කරගත හැක. මේ සියලු දේවල් අද බටහිර විද්‍යාවද ඔප්පු කර ඇත. එමෙන්ම ශරීරය පවතින චක්‍ර දුර්වල වීමේ දී අපට විවිධ කටයුතු සිදු කර ගැනීම අපහසු වේ. ඒ සඳහා චක්‍ර සඳහා වෙන්වූ මැණික් සංඛ්‍යාතය මෙන්ම වර්ණ අනුවද සුව කිරීම සඳහා භාවිතා වේ. එම නිසා මැණික් යනු හුදෙක් මුදල් මත පමණක් පදනම් නොවූ ඉතා ගැඹුරු විෂයයකි. මෙය වසර ගණනාවක් අධ්‍යයනය කළද තවදුරටත් හැදෑරිය හැකි දිගු විෂයපථයකි. Astrology ජෝතිෂ්‍ය හා සම්බන්ධ මැණික් planatary buyroughgems com විශ්වයේ පවතින හිතකර අහිතකර කිරණ අප වෙත ළඟාවීමේ දී එය තෝරා බේරා ලබාගැනීමට මැණික් මැණික් නමැති පාෂාණවලට හැකියාව ඇත.දුර්වල මනසක් ශක්තිමත් කිරීමට විභව ශක්තියක් මැණික් ගලක ඇත.ඒ සඳහා භාවිත කරන මැණික් ස්වභාවිකව ලබාගත් ,පිරිසිදු මැණික් විය යුතුයි. මෙය පෙරදිග ජෝතීර් විද්‍යාව අනුව භාවිතාවිතා වන ක්‍රමවේදයකි. මැණික් ප්‍රතිකාරය ලෙස හඳුන්වයි. ඔබට ගුරුත්වය නමැති බලය තිබෙනවා යැයි දැනුනත් එය නොදන්නා සේම මෙයද ප්‍රායෝගිකවම අත්දැකිය යුතු දෙයකි. ඒ සඳහා ඔබ සන්සුන් මනසක් ඇති කර ගැනීම අත්‍යාවශ්‍ය වේ. ජෝතිෂ්‍ය විද්‍යාව ඍෂිවරුන්ගෙන් පැවත එන නිසා මනස දියුණු කළ අය සොයාගත් කරුණු නූතන විද්‍යාව අනුව ඔප්පු කිරීම සඳහා කාලයක් ගත වනු ඇත. ඔයාලගේ දැනුමත් හුවමාරු කරගන්න. සියලු දෙනාට ජය වේවා!!!. තෙරුවන් සරණයි!!! සම්පත් සමරසේකර Sampath Samarasekara Chairman : Gemological Institute of Ceylon Chairman : Youth Gem Professionals Association Chairman : Sampath Gems Director : Ceylon Sapphire Gems and Jewels Director : Ceylon Gem Fair International Chairman : Nanosoft Web Develop Company Direct WhatsApp : https://wa.me/message/2A4AUALYVQWRA1 Join with Gemological Institute of Ceylon Facebook Page : https://www.facebook.com/giceylon Facebook Group : https://www.facebook.com/groups/1990653001208203 Facebook Profile : GI Ceylon Websites : www.giceylon.com www.bluesapphire.lk www.gemluck.com www.buyroughgems.com www.ceylongemfair.com මැණික් හා ස්වර්ණාභරණ ව්‍යයාපාරයේ ගැටලු සාකච්ඡා කිරීම සඳහා අපගේ telegram සමූහය හා එක්වන්න. https://t.me/joinchat/Q5cLnxilNw4xAr8T3TumfA තරුණ මැණික් වෘත්තිකයන්ගේ සංගමයේ Facebook සමූහය සඳහා පහත link භාවිතා කරන්න. https://www.facebook.com/groups/755511404627847/?ref=share All images and text content Copyrighted ©️[learn_press_profile]
practical gemology gem business

වෙනත් ව්‍යාපාරකයක හෝ රැකියාවක නිරතවන අතරතුර මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයට අවතීර්ණ වන්නේ කෙසේද?

වෙනත් ව්‍යාපාරකයක හෝ රැකියාවක නිරතවන අතරතුර මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයට අවතීර්ණ වන්නේ කෙසේද? දැනටමත් සාර්ථකව යම්කිසි ව්‍යාපාරයක හෝ වෘත්තියක නිරත වන්නේනම් මැණික් ව්‍යාපාරයට අවතීර්ණවීමට ඔබ මූලික සුදුසුකම් සපුරා ඇත. එනම් ඔබට ආදායමක් තිබෙන නිසා අවදානම අඩුය. එවිට ඔබ මිලදී ගන්නා මැණික් කඩිමුඩියේ විකිණීමට අවශ්‍ය නොවේ. ඔබගේ පාරිබෝගිකයා හා වැඩිම මිලක් ගෙවන තැනැත්තා හමුවනතුරු හොඳ උත්සාහයක යෙදීය හැක. පළමුව අප රට තුළ හමුවන හා වෙනත් රටවලින් ගෙන්වන මැණික් ගැන,මූලික මිල ගනන් ගැන අවබෝධයක්, අධ්‍යාපනයක් ප්‍රායෝගිකව ලබා ගත යුතුය. ව්‍යාජ මැණික්, තාප කරණය, දුර්ලභ මැණික් ගැනද ඉගෙන ගැනීම ඔබට විශාල පිටුවහලක් වේ. මෙහිදී අද ලෝකයේ වැඩියෙන්ම ඉල්ලුමක් ඇති මැණික් වර්ග ඉගෙන ගැනීම ඔබට ඉක්මනින් ව්‍යාපාරයට අවතීර්ණ වීමට පහසුවක් වේ. දෙවනුව කුඩා මුදලක් ආයෝජනයෙන් මැණික් මිලදී ගැනීමට පිවිසිය හැක.ඒ අතරතුර ව්‍යාපාරය ලියාපදිංචි කිරීම බලපත්‍ර ලබා ගැනීම වැනි වැඩ කටයුතු සිදු කළ හැක.මෙහිදී ලෝකය පිළිගන්නා සහතික පත්‍ර ලබා දෙන ආයතන ගැන දැනගැනීම වැදගත් වේ. ඔබට රළු ආකාරයටම මිලදීගෙන විකිණිය හැක. එනම් කපා ඔප නොදමාද මැණික්වලින් ලාභ ලබාගත හැක. තෙවනුව ඔබ සතුව ඇති මැණික් විකිණීම සඳහා වෙළඳපොලක් සෙවීම හා පාරිභෝගිකයන් අතරට නවීන තාක්ෂණය භාවිතා කරමින් ඔබගේ ව්‍යාපාරය ගෙන යාම සඳහා වැඩ කිරීම සිදු කළ හැක. තෙවැනි අදියරට පැමිණීමෙන් පසු දිනපතා මැණික් මිලදී ගන්නා අතරතුර විකිණීම කිරීමට ඔබට හැක. බොහෝ ආධුනිකයන් මැණික් ගැන අවබෝධයකින් තොරව අන් අය සතු මැණික් විකිණීමට යාමෙන් මුල් අදියරේ දී ම ව්‍යාපාරයෙන් බැහැර වේ. එම නිසා ඉතා ඉවසීමකින් ප්‍රායෝගික දැනුම වැඩි කරගෙන මෙම ව්‍යාපාරයට පිවිසෙන්න. ඔයාලගේ දැනුමත් හුවමාරු කරගන්න. සියලු දෙනාට ජය වේවා!!!. තෙරුවන් සරණයි!!! සම්පත් සමරසේකර Sampath Samarasekara Chairman : Gemological Institute of Ceylon Chairman : Youth Gem Professionals Association Chairman : Sampath Gems Director : Ceylon Sapphire Gems and Jewels Director : Ceylon Gem Fair International Chairman : Nanosoft Web Develop Company Direct WhatsApp : https://wa.me/message/2A4AUALYVQWRA1 Join with Gemological Institute of Ceylon Facebook Page : https://www.facebook.com/giceylon Facebook Group : https://www.facebook.com/groups/1990653001208203 Facebook Profile : GI Ceylon Websites : www.giceylon.com www.bluesapphire.lk www.gemluck.com www.buyroughgems.com www.ceylongemfair.com මැණික් හා ස්වර්ණාභරණ ව්‍යයාපාරයේ ගැටලු සාකච්ඡා කිරීම සඳහා අපගේ telegram සමූහය හා එක්වන්න. https://t.me/joinchat/Q5cLnxilNw4xAr8T3TumfA තරුණ මැණික් වෘත්තිකයන්ගේ සංගමයේ Facebook සමූහය සඳහා පහත link භාවිතා කරන්න. https://www.facebook.com/groups/755511404627847/?ref=share All images and text content Copyrighted ©️[learn_press_profile]

මැණික් යනු මොනවාද?

මැණික් යනු මොනවාද?

මැණික් යනු ඉතා දුර්ලභ ඛනිජ විශේෂ වේ.

සරල විග්‍රහය අනුව අලංකාරය සහ කල් පැවැත්ම අනුව තෝරාගත් ස්වාභාවික ඛනිජ වර්ග කපා ඔප දමා මිනිසුන්ගේ අලංකරණයට හා භාවිතයට යොදා ගන්නා ගල් වර්ගයි.
එමෙන්ම මුතු හා ඇම්බර් ජීවීන්ගෙන් ඇතිවන වටිනා ද්‍රව්‍ය වේ.

මැණික් ඇති වන්නේ කෙසේද?

rock cycle

මැණිකක් සෑදීමට අවශ්‍ය මූලද්‍රව්‍ය එකතු වීම මෙන්ම අලංකාරයෙන් යුතු පාරිශුද්ධ වස්තුවක් ලෙස එය ඇතිවීම ඉතා දුර්ලභ අවස්ථාවකි.

සරලව පැවසුවහොත් පොළොව මධ්‍යයේ ඇති ලාවා ගිනිකඳු පිපිරීම් මගින් පොළොව මතුපිටට පැමිණේ.

ලාවා පාෂාණ,ඛනිජ ලෙස තැන්පත් වෙයි.ඒවා පොළොව මතුපිටට පැමිණීමේ දී පීඩනයට, තාපයට, ස්වභාවික ක්‍රියාකාරකම් වලට යටත් වී විවිධ වූ මැණික් වර්ග රසායන සංයුතීන් අනුව එකතුවී හැදෙයි.මෙය මතුපිට සිට කිලෝමීටර් 400ක් දක්වා පරාසයක විහිදී ඇත.

වසර මිලියන 150කට පමණ පෙර නිර්මාණය වූ නිල් මැණික් හා රතු මැණික් ද වසර මිලියන 970 ක සිට බිලියන 3.2 ක කාලයකට පෙර නිර්මාණය වූ දියමන්තිද අද අපට පොළොව මතුපිටින් හමුවී ඇත. මෙය පෘථිවිය තුල දිගටම සිදුවන ක්‍රියාවලියකි. මෙය පාෂාණ චක්‍රය නම් වේ.

දියමන්ති නිල් හා රතු මැණික් පෙරිඩොට් ඉතා ගැඹුරු පරිසරයක නිර්මාණය වේ.
එමෙන්ම පොළව අභ්‍යන්තරයේ දැඩි තාපය හා පීඩනය නිසා ද නිල් මැනික් ,රතු මැණික් ,කිරිංචි, ගෝමේද ආදි මැණික් නිර්මාණය වේ.
එමෙන්ම ඛනිජ වර්ග බහුල ලාවා සිසිල් වීමේදීද මැණික් නිර්මාණය වේ.
එමෙන්ම අවසාදිත ජලය තැන්පත් වීම නිසා ද මැලචයිට්,අසුරයිට්,ඹ්පල් ආදී මැණික් නිර්මාණය වේ.

මැණික් වලට වටිනාකමක් ලැබෙන්නේ කෙසේද?

practical gemology
Egyptians used gemstones

rawana
A Drawing of King Rawana

queen elizebeth
A Blue Sapphire Necklace of Queens Elizabeth

කල්පැවැත්ම,දුර්ලභ බව,පිළිගැනීම,අලංකාරය
වැනි සරල කාරණා මෙන්ම,
ජ්‍යොතිෂය (Astrology)අනුව ග්‍රහ බලපෑම් අවම කරගැනීමට,
සුවකිරීමේ(Healing) ක්‍රමවේද අනුව ශරීරයේ චක්‍රා වල බලය වැඩි කිරීමට,
අභ්‍යවකාශ යානා වලට, ගුවන්යානා වලට, චන්ද්‍රිකාවලට, දුරකථන ආදී සන්නිවේදන උපකරණ නිර්මාණයට, දිගුකල් පවත්නා ඔරලෝසු ආදී උපකරණ නිර්මාණයට මැණික් භාවිතා වේ.

අද කාලයේ විශේෂයෙන් ආයෝජනයට මෙන්ම මුදල් විශුද්ධිකරණයට මැණික් භාවිතාවේ.

invest in gemstones
Invest in Gemstones Research Stats by GemLuck Team

ඩොලර් බිලියන ගණනක් වුවත් ඇඟිලි ප්‍රමාණයට ගැනීමට එක් මිණිකැටයකට හැකියාව ඇත. එම නිසා මැණික් යනු ඉතා හොඳ මුදල් ආරක්ෂකයෙක් මෙන්ම ආයෝජකයෙකි.

සුව කිරීමේ හැකියාව විද්‍යාත්මකව ඔප්පු කර ඇත.ඕරාව පරීක්ෂාකර චක්‍රා බලවත් කිරීමට මැණික් පැලඳීම දියුණු රටවල බහුලව සිදු කරයි.මේ සඳහා විද්‍යාත්මකව නිපදවූ උපකරණ තිබේ.

gemstones map of the world
World Gemstones Map

ශ්‍රී ලංකාවේ හමුවන මැණික් වල විශේෂ ගුණ ඇත. එමෙන්ම එම ස්වභාවික මැණික් වලට ලෝක වෙළෙඳ පොළේ ඉතා ඉහල වටිනාකමක් ලැබේ. ඈත අතීතයේ සිටම රජවරුන්, රාවණා වැනි බලපරාක්‍රමයන් පැතිරවූ බලවත් පුද්ගලයින්, සියලුම දෙවියන්, ඊජිප්තු පිරමීඩ, සංක්‍රමණික වෙළෙන්දන්, පර්යේෂකයන් සම්බන්ධ සෑම පුරාවෘත්තයකම, ඔවුන් භාවිත කළ ආභරණ හා විවිධ වූ ආයුධ මෙන්ම උපකරණ වල ද මැණික් භාවිතා වූ බව අපට පසක් වේ.
විශේෂයෙන් කානේලියන් වැනි මැණික් වර්ග රජවරුන් තමන්ගේ කාම ශක්තිය වැඩිකරගැනීමට භාවිතා කර ඇත.

gravity map of the world
Gravity map of the World

ශ්‍රී ලංකාව තුළ හමුවන මැණික් ඉතාම ඉහල පාරිශුද්ධත්වය කින් සමන්විතය. මැණිකක් තුළ තිබිය යුතු නියමාකාර රසායනික ප්‍රතිශතය ඇත. එමෙන්ම ලොව අඩුම ගුරුත්වයක් ඇති භූමියේ මතුවන නිසා විශ්ව ශක්තිය ආකර්ෂණය කිරීමේ බලය වැඩිය. මෙය ශ්‍රි ලංකාව තුළ ජනනය වන සෑම ජීවියෙකු තුලද දැකිය හැක. විශේෂයෙන් ශ්‍රි ලංකාවෙන් බිහිවන බුද්ධිමතුන් හා ඔවුන්ගේ ජාන ඉතා බලවත්ය , ඵල දරන සියලුම ශාක ආහාර විශේෂ පෝෂණ ගුණයෙන් වැඩිය.
එම නිසා මේ භූමිය තුළ පර්යේෂණ අනුව ශ්‍රී ලංකාදීපයේ 25% ක් ඇති මැණික් සම්පත තුළද මෙම විශ්ව ශක්තියට ඇති ආකර්ෂණය වැඩි වීම නියතය.

Healing
මැණික් මගින් සුව කිරීමේ හැකියාව

සෑම මැණික් ගලකම කම්පන ප්‍රමාණයක් ඇත.
විශේෂයෙන් පළිඟු (Quartz) හා මනුෂ්‍යයාගේ කම්පන සංඛ්‍යාතය සමාන වේ.
එවිට මනුෂ්‍ය ශරීරය තුළ සඛ්‍යාතයේ යම්කිසි දුර්වලතාවයක් ඇති වන විට පළිඟු
(Quartz) සම්බන්ධ මැණිකක් පැළදීමෙන් එය සමබර කරගත හැක. මේ සියලු දේවල් අද බටහිර විද්‍යාවද ඔප්පු කර ඇත.

එමෙන්ම ශරීරය පවතින චක්‍ර දුර්වල වීමේ දී අපට විවිධ කටයුතු සිදු කර ගැනීම අපහසු වේ. ඒ සඳහා චක්‍ර සඳහා වෙන්වූ මැණික් සංඛ්‍යාතය මෙන්ම වර්ණ අනුවද සුව කිරීම සඳහා භාවිතා වේ.

එම නිසා මැණික් යනු හුදෙක් මුදල් මත පමණක් පදනම් නොවූ ඉතා ගැඹුරු විෂයයකි.
මෙය වසර ගණනාවක් අධ්‍යයනය කළද තවදුරටත් හැදෑරිය හැකි දිගු විෂයපථයකි.

Astrology
ජෝතිෂ්‍ය හා සම්බන්ධ මැණික්

planetary gemstones

විශ්වයේ පවතින හිතකර අහිතකර කිරණ අප වෙත ළඟාවීමේ දී එය තෝරා බේරා ලබාගැනීමට මැණික් මැණික් නමැති පාෂාණවලට හැකියාව ඇත.දුර්වල මනසක් ශක්තිමත් කිරීමට විභව ශක්තියක් මැණික් ගලක ඇත.ඒ සඳහා භාවිත කරන මැණික් ස්වභාවිකව ලබාගත් ,පිරිසිදු මැණික් විය යුතුයි.
මෙය පෙරදිග ජෝතීර් විද්‍යාව අනුව භාවිතාවිතා වන ක්‍රමවේදයකි. මැණික් ප්‍රතිකාරය ලෙස හඳුන්වයි. ඔබට ගුරුත්වය නමැති බලය තිබෙනවා යැයි දැනුනත් එය නොදන්නා සේම මෙයද ප්‍රායෝගිකවම අත්දැකිය යුතු දෙයකි. ඒ සඳහා ඔබ සන්සුන් මනසක් ඇති කර ගැනීම අත්‍යාවශ්‍ය වේ. ජෝතිෂ්‍ය විද්‍යාව ඍෂිවරුන්ගෙන් පැවත එන නිසා මනස දියුණු කළ අය සොයාගත් කරුණු නූතන විද්‍යාව අනුව ඔප්පු කිරීම සඳහා කාලයක් ගත වනු ඇත.

ඔබට ජය!!!

මෙම ලිපිය උපුටා ගැනීම අවශ්‍ය නම් මා හට දන්වන්න.
මෙයට කලින් ලියූ ලිපි විකෘති කර ඇති නිසා එය මා හට දන්වා ලබාගැනීම අනිවාර්‍ය වේ.
ඔබට ජය !!!
සම්පත් සමරසේකර,
සභාපති,
තරුණ මැණික් වෘත්තිකයන්ගේ සංගමය.
Email : sampathgems@gmail.com / buyroughgems@gmail.com

[learn_press_profile]

මුදල් ආයෝජනය නොකර මැණික් ව්‍යාපාරය කළ හැකිද?

මුදල් ආයෝජනය නොකර මැණික් ව්‍යාපාරය කළ හැකිද? වර්තමාන ලෝකයේ මුදල් උපයන බොහෝ ක්‍රම ඇත. යම් කෙනෙකු යටතේ රැකියාව කිරීමෙන් (teacher,doctor,engineer) , තමන්ගේම ව්‍යාපාරයක් කිරීමෙන් (shop owner,factory owner) , යම් කෙනෙකුට ආයතනයකට අයිති භාණ්ඩයක් විකිණීමෙන් (sales person) ආදී උදාහරණ දැක්විය හැක. නමුත් ව්‍යවසායකයෙකු (Entrepreneur) සතුව ඉහත කී සියලුම ලක්ෂණ මෙන්ම හොඳ පරිපාලන (management) හැකියාවක්ද තිබිය යුතුය. මැණික් ව්‍යාපාරයෙන් සාර්ථක වීමට නම් ඉහත සියලු ලක්ෂණ මෙන්ම තවත් බොහෝ ප්‍රායෝගික අත්දැකීම් ලබාගත යුතුය. ඔබ මැණික් ව්‍යාපාරයට නවකයෙක් නම් අනිවාර්යෙන්ම තමන්ගේ මුදල් ආයෝජනය කර යම්කිසි මුදලකට මැණික් ගලක් මිලදී ගෙන එය ලාභයක් ඇතිව විකුනා අත්දැකීම් ලබාගත යුතුමය. එසේ නොමැතිව ඔබට අන්තර්ජාලය නැතහොත් සමාජ මාධ්‍ය තුළින් හමුවන විවිධ පුද්ගලයින් එවන මැණික් වල පින්තූර හා සහතික පත්‍ර එකිනෙකා හට හුවමාරු කිරීමෙන් සාර්ථක ව්‍යාපාරිකයකු විය නොහැක. එවැනි අවස්ථාවලදී විවිධ හෝටල් වලට පැමිණෙන ලෙස, බැංකු වලට පැමිණෙන ලෙස පවසා මා හට ද විශාල දුරකථන ඇමතුම් ප්‍රමාණයක් ලැබී ඇත. මේවා වසර ගණනාවක් තුළදී ලබාගත් අත්දැකීම් හා සසඳන විට විහිලුය. අවසානයේ බලන විට දහයකට නොඅඩු තැරැව්කරුවන් රැලකි. මිලදී ගන්නා සොයා ගැනීමට තවත් විශාල තැරැව්කරුවන් ප්‍රමාණයක් හරහා විදේශ රටවලට යා යුතුය. එවැනි තවත් කෙනෙකුට අයිති මැණික් ගලක් වෙළෙන්දෙකුට විකුණා ලාභයක් ලබා ගැනීම හෝ තැරැව් කරුවකු ලෙස ක්‍රියා කරන පුද්ගලයින් හට පොදු මැණික් සමාජයේ ඉරට්ටු කරුවකු යයි හඳුන්වයි. එවැනි මට්ටමේ දී ඔබට,විශාල මුදලක් මැණික් ව්‍යාපාරයෙන් සෙවිය නොහැක. අද මෙම ක්ෂේත්‍රයේ දැවැන්තයන් වී සිටින්නේ අවදානමක්ගෙන සමහර අවස්ථාවලදී තමන්ගේ සියලු මුදල් යටකර ව්‍යායාපාරයට අවතීර්ණ වූ අයයි. මා ද සමහර අවස්ථාවලදී මා ළඟ නොමැති මැණික්ගල් හා මා හට මිලදී ගැනීමට නොහැකි මැණික් ගල් මාගෙන් නිරතුරුවම මැණික් මිලදී ගන්නා අයට විකුනා ලාභ උපයා ඇත. නමුත් ඔබගේම කියා නමක් ගොඩනඟාගැනීමට අඩුම තරමේ රුපියල් පන්දහසක හෝ මැණික් ගලක් අවදානමක් ගෙන මිලදීගෙන කපා ඔපදමා සහතික පත්‍රයක් ලබාගෙන හොඳ ලාභයක් ලබා ගන්නා ක්‍රමය සොයන්න. එවිට ඔබගේම කියා මැණික් එකතුවක් සාදා ගත හැක. එවිට ඔබට අභිමානයකින් යුතුව මැණික් ව්‍යාපාරිකයකු ලෙස දිගු ගමනක් යා හැක. ඔබගේ අදහස්ද මෙම ලිපිය හා එකතු කරන්න. ඔබට ජය!!! මෙම ලිපිය උපුටා ගැනීම අවශ්‍ය නම් මා හට දන්වන්න. මෙයට කලින් ලියූ ලිපි විකෘති කර ඇති නිසා එය මා හට දන්වා ලබාගැනීම අනිවාර්‍ය වේ. ඔබට ජය !!! සම්පත් සමරසේකර, සභාපති, තරුණ මැණික් වෘත්තිකයන්ගේ සංගමය. Email : sampathgems@gmail.com [learn_press_profile]

වෙනත් ව්‍යාපාරකයක හෝ රැකියාවක නිරතවන අතරතුර මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයට අවතීර්ණ වන්නේ කෙසේද?

වෙනත් ව්‍යාපාරකයක හෝ රැකියාවක නිරතවන අතරතුර මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයට අවතීර්ණ වන්නේ කෙසේද? දැනටමත් සාර්ථකව යම්කිසි ව්‍යාපාරයක හෝ වෘත්තියක නිරත වන්නේනම් මැණික් ව්‍යාපාරයට අවතීර්ණවීමට ඔබ මූලික සුදුසුකම් සපුරා ඇත. එනම් ඔබට ආදායමක් තිබෙන නිසා අවදානම අඩුය. එවිට ඔබ මිලදී ගන්නා මැණික් කඩිමුඩියේ විකිණීමට අවශ්‍ය නොවේ. ඔබගේ පාරිබෝගිකයා හා වැඩිම මිලක් ගෙවන තැනැත්තා හමුවනතුරු හොඳ උත්සාහයක යෙදීය හැක. පළමුව අප රට තුළ හමුවන හා වෙනත් රටවලින් ගෙන්වන මැණික් ගැන,මූලික මිල ගනන් ගැන අවබෝධයක්, අධ්‍යාපනයක් ප්‍රායෝගිකව ලබා ගත යුතුය. ව්‍යාජ මැණික්, තාප කරණය, දුර්ලභ මැණික් ගැනද ඉගෙන ගැනීම ඔබට විශාල පිටුවහලක් වේ. මෙහිදී අද ලෝකයේ වැඩියෙන්ම ඉල්ලුමක් ඇති මැණික් වර්ග ඉගෙන ගැනීම ඔබට ඉක්මනින් ව්‍යාපාරයට අවතීර්ණ වීමට පහසුවක් වේ. දෙවනුව කුඩා මුදලක් ආයෝජනයෙන් මැණික් මිලදී ගැනීමට පිවිසිය හැක.ඒ අතරතුර ව්‍යාපාරය ලියාපදිංචි කිරීම බලපත්‍ර ලබා ගැනීම වැනි වැඩ කටයුතු සිදු කළ හැක.මෙහිදී ලෝකය පිළිගන්නා සහතික පත්‍ර ලබා දෙන ආයතන ගැන දැනගැනීම වැදගත් වේ. ඔබට රළු ආකාරයටම මිලදීගෙන විකිණිය හැක. එනම් කපා ඔප නොදමාද මැණික්වලින් ලාභ ලබාගත හැක. තෙවනුව ඔබ සතුව ඇති මැණික් විකිණීම සඳහා වෙළඳපොලක් සෙවීම හා පාරිභෝගිකයන් අතරට නවීන තාක්ෂණය භාවිතා කරමින් ඔබගේ ව්‍යාපාරය ගෙන යාම සඳහා වැඩ කිරීම සිදු කළ හැක. තෙවැනි අදියරට පැමිණීමෙන් පසු දිනපතා මැණික් මිලදී ගන්නා අතරතුර විකිණීම කිරීමට ඔබට හැක. බොහෝ ආධුනිකයන් මැණික් ගැන අවබෝධයකින් තොරව අන් අය සතු මැණික් විකිණීමට යාමෙන් මුල් අදියරේ දී ම ව්‍යාපාරයෙන් බැහැර වේ. එම නිසා ඉතා ඉවසීමකින් ප්‍රායෝගික දැනුම වැඩි කරගෙන මෙම ව්‍යාපාරයට පිවිසෙන්න. ඔබගේ අදහස්ද මෙම ලිපිය හා එකතු කරන්න. ඔබට ජය!!! මෙම ලිපිය උපුටා ගැනීම අවශ්‍ය නම් මා හට දන්වන්න. මෙයට කලින් ලියූ ලිපි විකෘති කර ඇති නිසා එය මා හට දන්වා ලබාගැනීම අනිවාර්‍ය වේ. ඔබට ජය !!! සම්පත් සමරසේකර, සභාපති, තරුණ මැණික් වෘත්තිකයන්ගේ සංගමය. Email : sampathgems@gmail.com [learn_press_profile]