මුදල් ආයෝජනය නොකර මැණික් ව්‍යාපාරය කළ හැකිද?
වර්තමාන ලෝකයේ මුදල් උපයන බොහෝ ක්‍රම ඇත.
යම් කෙනෙකු යටතේ රැකියාව කිරීමෙන් (teacher,doctor,engineer) , තමන්ගේම ව්‍යාපාරයක් කිරීමෙන් (shop owner,factory owner) , යම් කෙනෙකුට ආයතනයකට අයිති භාණ්ඩයක් විකිණීමෙන් (sales person) ආදී උදාහරණ දැක්විය හැක.
නමුත් ව්‍යවසායකයෙකු (Entrepreneur) සතුව ඉහත කී සියලුම ලක්ෂණ මෙන්ම හොඳ පරිපාලන (management) හැකියාවක්ද තිබිය යුතුය.
මැණික් ව්‍යාපාරයෙන් සාර්ථක වීමට නම් ඉහත සියලු ලක්ෂණ මෙන්ම තවත් බොහෝ ප්‍රායෝගික අත්දැකීම් ලබාගත යුතුය.
ඔබ මැණික් ව්‍යාපාරයට නවකයෙක් නම් අනිවාර්යෙන්ම තමන්ගේ මුදල් ආයෝජනය කර යම්කිසි මුදලකට මැණික් ගලක් මිලදී ගෙන එය ලාභයක් ඇතිව විකුනා අත්දැකීම් ලබාගත යුතුමය.
එසේ නොමැතිව ඔබට අන්තර්ජාලය නැතහොත් සමාජ මාධ්‍ය තුළින් හමුවන විවිධ පුද්ගලයින් එවන මැණික් වල පින්තූර හා සහතික පත්‍ර එකිනෙකා හට හුවමාරු කිරීමෙන් සාර්ථක ව්‍යාපාරිකයකු විය නොහැක.
එවැනි අවස්ථාවලදී විවිධ හෝටල් වලට පැමිණෙන ලෙස, බැංකු වලට පැමිණෙන ලෙස පවසා මා හට ද විශාල දුරකථන ඇමතුම් ප්‍රමාණයක් ලැබී ඇත.
මේවා වසර ගණනාවක් තුළදී ලබාගත් අත්දැකීම් හා සසඳන විට විහිලුය. අවසානයේ බලන විට දහයකට නොඅඩු තැරැව්කරුවන් රැලකි. මිලදී ගන්නා සොයා ගැනීමට තවත් විශාල තැරැව්කරුවන් ප්‍රමාණයක් හරහා විදේශ රටවලට යා යුතුය.
එවැනි තවත් කෙනෙකුට අයිති මැණික් ගලක් වෙළෙන්දෙකුට විකුණා ලාභයක් ලබා ගැනීම හෝ තැරැව් කරුවකු ලෙස ක්‍රියා කරන පුද්ගලයින් හට පොදු මැණික් සමාජයේ ඉරට්ටු කරුවකු යයි හඳුන්වයි.
එවැනි මට්ටමේ දී ඔබට,විශාල මුදලක් මැණික් ව්‍යාපාරයෙන් සෙවිය නොහැක.
අද මෙම ක්ෂේත්‍රයේ දැවැන්තයන් වී සිටින්නේ අවදානමක්ගෙන සමහර අවස්ථාවලදී තමන්ගේ සියලු මුදල් යටකර ව්‍යායාපාරයට අවතීර්ණ වූ අයයි.
මා ද සමහර අවස්ථාවලදී මා ළඟ නොමැති මැණික්ගල් හා මා හට මිලදී ගැනීමට නොහැකි මැණික් ගල් මාගෙන් නිරතුරුවම මැණික් මිලදී ගන්නා අයට විකුනා ලාභ උපයා ඇත.
නමුත් ඔබගේම කියා නමක් ගොඩනඟාගැනීමට අඩුම තරමේ රුපියල් පන්දහසක හෝ මැණික් ගලක් අවදානමක් ගෙන මිලදීගෙන කපා ඔපදමා සහතික පත්‍රයක් ලබාගෙන හොඳ ලාභයක් ලබා ගන්නා ක්‍රමය සොයන්න. එවිට ඔබගේම කියා මැණික් එකතුවක් සාදා ගත හැක. එවිට ඔබට අභිමානයකින් යුතුව මැණික් ව්‍යාපාරිකයකු ලෙස දිගු ගමනක් යා හැක.
ඔයාලගේ දැනුමත් හුවමාරු කරගන්න.
සියලු දෙනාට ජය වේවා!!!. තෙරුවන් සරණයි!!!
සම්පත් සමරසේකර
Sampath Samarasekara
Chairman : Gemological Institute of Ceylon
Chairman : Youth Gem Professionals Association
Chairman : Sampath Gems
Director : Ceylon Sapphire Gems and Jewels
Director : Ceylon Gem Fair International
Chairman : Nanosoft Web Develop Company
Direct WhatsApp : https://wa.me/message/2A4AUALYVQWRA1
Join with Gemological Institute of Ceylon
Facebook Page : https://www.facebook.com/giceylon
Facebook Group : https://www.facebook.com/groups/1990653001208203
Facebook Profile : GI Ceylon
Websites :
www.giceylon.com
www.bluesapphire.lk
www.gemluck.com
www.buyroughgems.com
www.ceylongemfair.com
මැණික් හා ස්වර්ණාභරණ ව්‍යයාපාරයේ ගැටලු සාකච්ඡා කිරීම සඳහා අපගේ telegram සමූහය හා එක්වන්න.
https://t.me/joinchat/Q5cLnxilNw4xAr8T3TumfA
තරුණ මැණික් වෘත්තිකයන්ගේ සංගමයේ Facebook සමූහය සඳහා පහත link භාවිතා කරන්න.
https://www.facebook.com/groups/755511404627847/?ref=share
All images and text content Copyrighted ©️[learn_press_profile]