මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ගැන ඉගෙනගැනීම වැදගත් වන්නේ ඇයි?

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ගැන ඉගෙනගැනීම වැදගත් වන්නේ ඇයි? එයට පහසුවෙන්ම අවතීර්ණ විය හැක්කේ කාටද? මෙම කරුණු සැකසීමේදී මාගෙන් ප්‍රායෝගිකව මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ගැන ඉගෙන ගත් විදේශිකයන්ගෙන් මෙන්ම දේශීය වෘත්තිකයන්ගේ අදහස් එකතුකරගෙන ඇත. ලෝකය වසංගත තත්වයක් හමුවේ වුවත් අපගේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ගැන විශාල පිරිසක් මේ මොහොතේත් ලොව පුරාම ඉගෙන ගනිමින් පවතී. මෙම කර්මාන්තයේ සාක්ෂි ඉතිහාසය පුරාවටම පුරාවිද්‍යාත්මක නටඹුන් සමග හමුවී ඇත. තවදුරටත් හමුවෙමින් පවතී.පිරමීඩවල, රජ මාළිගාවල මෙන්ම විවිධ ව්‍යසනවලින් විනාශවීගිය නගරවල තිබී ආභරණ, මැණික් හා ස්වර්ණාභරණ පිරවූ භාජන, වස්තුව ලෙස ඒවා රැස්කල අයගේ කාමර අදටත් හමුවේ. එය ඉතිහාසයෙත් වර්තමානයෙත් අනාගතයේත් විවිධ අවස්ථා සඳහා මැණික් හා ස්වර්ණාභරණ දිගටම පැළැඳි හා පළඳින බවටත් ඒවා ආයෝජනයක් ලෙස ළඟ තබා ගන්නා බවත් අපට පසක් කරයි. එමෙන්ම දිනපතා මා හට ලැබෙන ඉල්ලුම අනුව විදේශිකයින් ඉතාමත් උනන්දුවෙන් ව්‍යයාපාරයෙ නිරත වන බවට මා හට සාක්ෂි ඕනෑ තරම් ඇත. දේශීය වෙළඳපොල තුළ මැණික් හා ස්වර්ණාභරණ සඳහා මුදල් සංසරණය නොවීමට හේතුව තාක්ෂණය හා එකතුවූ පිරිසක් නොමැතිවීමයි. ලෝකයේ ඉල්ලුමට සරිලන මැණික් හා ස්වර්ණාභරණ සැපයීමට අපට තවමත් ප්‍රමාණවත් තරම් අන්තර්ජාලය හරහා වෙළෙඳාම් කළ හැකි පිරිසක් නොමැත. මේ ලිපිය සකසන මොහොතේ මාගේ විදේශ ගැනුම් කරුවන් හට යැවීමට අවසාන අදියරේ ඇති මැණික් එකතුවක් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට යොමු කර ඇත. මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ඉගෙන ගැනීම වැදගත් වන්නේ එය නොනැසී පවතින කර්මාන්තයක් නිසාය. එමෙන්ම අද ලෝකයේ වර්ණවත් මැණික් විවාහ ගිවිස ගැනීම් සඳහා මෙන්ම සියලුම ආභරණ සඳහා විශාල වශයෙන් භාවිතා කරයි. බොහෝ ධනවත් පුද්ගලයින් මුදල් වෙනුවට මැණික් හා ස්වර්ණාභරණ ආයෝජනයක් ලෙස හුවමාරු කරයි. එමෙන්ම අන්තර්ජාලය හරහා රළු මැණික් මිලදී ගැනීම මෙන්ම විකිණීමද, කපා ඔපදැමූ මැණික් මිලදී ගැනීම මෙන්ම විකිණීම ද,ස්වර්ණාභරණ සෑදවීම මෙන්ම විකිණීම ද පහසුවෙන් සිදු කළ හැක. ඉහත කරුණු සිදු කර ගැනීම සඳහා ඔබ මූලිකව අද වෙළෙඳ පොළට සරිලන හා අවශ්‍යතාවය පවතින මැණික් ගැන ඉගෙන ගත යුතුය. එමෙන්ම අලුත් වන මැණික් කපා ඔප දමන ප්‍රමිති හා රටා ගැන ඉගෙන ගත යුතුය. විවිධ වූ රටවලට ගැළපෙන ආභරණ ගැන ඉගෙන ගත යුතුය. විශේෂයෙන් ඉංග්‍රීසි භාෂාව හැසිරවීම ඉගෙන ගත යුතුය. මැණික්වල හා ස්වර්ණාභරණවල පැහැදිලි ඡායාරූප ලබාගැනීම ඉගෙනගත යුතුය. අන්තර්ජාලය හරහා පාරිභෝගිකයන් සොයාගැනීම ඉගෙන ගත යුතුය. නීත්‍යානුකූලව ව්‍යාපාරයක් කිරීමට අවශ්‍ය පසුබිම හා සන්නාමයක් සාදාගත යුතුය. අන්තර්ජාලය හරහා විශ්වාසය ගොඩනගාගෙන ගනුදෙනු කරන ආකාරය අධ්‍යනය මෙන්ම එය සාර්ථක කරගැනීම පියවරෙන් පියවර සිදු කරගත යුතුය. ඉහත කී කරුණු සම්පූර්ණ කරගත හැකිනම් මැණික් ව්‍යාපාරයෙ ඇති වැදගත්කමත්, තවත් රැකියාවක් කරන අතරතුර ඉතා සාර්ථකව සිදු කළ හැකි ආයෝජනමය ව්‍යයාපාරයක් බවත් ඔබට පසක් වනු ඇත. එමෙන්ම ඕනෑම අයෙකුට ඉතාම පහසුවෙන් ඉගෙනගතහැකි ව්‍යාපාරයක් බව මා මෙහිදී මතක් කළ යුතුය. එය තවත් වෘත්තියක හෝ ව්‍යාපාරයක යෙදෙන අයට පහසුවෙන් සිදු කළ හැකි වන්නේ ඔවුන්ට දැනටමත් ආදායමක් තිබෙන නිසාය. නමුත් අධ්‍යාපන කටයුතු නිමා කළ අයකුට වුවද තවත් පාඨමාලා හෝ උසස් අධ්‍යාපනය අතරතුරදී මෙම කර්මාන්තය ඉගෙන ගත හැකි නම් ඔබ ලොව කොතනක සිටියත් නොනැසී පවතින මෙම මහඟු මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ ප්‍රතිලාභ ලබාගත හැක. ලිවීමට බොහෝ කරුණු ඇත. ඔබට තවත් විස්තර දැනගැනීමට අවශ්‍ය නම් කමෙන්ට් කරන්න. ඔබ මෙය කියවන මොහොතේ රටේ ලෝකයේ තත්ත්වය කෙසේ වුවත් අප ඉදිරියට යායුතුය.යා හැකි ක්‍රමවේද පසුගිය ලිපිවලින්ද පවසා ඇත. මාගේ ලිපිවලින් ප්‍රයෝජන ගත් අයගේ දුරකතන ඇමතුම් හා පැසසුම් වලින් තවදුරටත් උදව් අවශ්‍ය අයව ඉදිරියට ගෙනයාමට මා බලාපොරොත්තු වෙමි. ඔබට ජය!!! මෙම ලිපිය උපුටා ගැනීම අවශ්‍ය නම් මා හට දන්වන්න. මෙයට කලින් ලියූ ලිපි විකෘති කර ඇති නිසා එය මා හට දන්වා ලබාගැනීම අනිවාර්‍ය වේ. ඔබට ජය !!! සම්පත් සමරසේකර, සභාපති, තරුණ මැණික් වෘත්තිකයන්ගේ සංගමය. Email : sampathgems@gmail.com [learn_press_profile]