මැණික් හදුනාගැනීමේ පාඨමාලාවක් හැදෑරීම මැණික් කර්මාන්තයට පිවිසීමට ප්‍රමාණවත්ද?

මැණික් හදුනාගැනීමේ පාඨමාලාවක් හැදෑරීම මැණික් කර්මාන්තයට පිවිසීමට ප්‍රමාණවත්ද? මෑත කාලීනව සීඝ්‍ර දියුණුවක් ලබාඇති මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය අදටත් ප්‍රායෝගික දැනුම මත පමණක් රළු මැණික් මිලදී ගැනීමේ සීමාවෙ ඇත. එනම් රළු මැණිකක් මිලදී ගැනීමේදී එය රසායනාගාර පරීක්ෂණයකට ලක් කිරීමට ඇති හැකියාව ඉතා අවමය. එනම් පතලයක හෝ අහඹු ලෙස හමුවන මැණිකක් එම තැනැත්තා හෝ පිරිසකගෙන් මිලදී ගැනීමේදී එය ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට හෝ වෙනත් පිළිගත් ආයතනයකින් පට්ටම් දමා පරික්ෂා කර එහි වර්ගය දැනගෙන එයට මිලක් නියම කිරීම ප්‍රායෝගිකව කිරීම ඉතා අපහසුය. විශේෂයෙන් පතල් කර්මාන්තයේ යෙදෙන කිසිවකු එයට අකැමැතිය. එය මැණික් කර්මාන්තයේ ඇති වාසනාව උරගා බැලීමේ මෙන්ම දැනුම මත මැණික් මිලදී ගැනීමෙන් වැඩි ලාභ ලබා ගැනීමට ඇති හැකියාව මත තීරණය වේ. එම නිසා ඔබට ආයතනයක් තුළ පමණක් මැණික් ගලක සංයුතිය, එයි ස්පඨික ස්වභාවය, භෞතික ගතිගුණ ඉගෙනගෙන මැණික් පොළකට පැමිණ මිලදී ගැනීමට යාමේදී විශාල ගැටලු ප්‍රමාණයකට මුහුණ දීමට සිදුවේ. උදාහරණයක් ලෙස කෘතිමව නිපදවූ මැණිකක් විශාලනය කර ඒ තුළ ඇති ස්වභාවයන් හඳුනා ගැනීම සිදු කළ නොහැක. එදිනෙදා මුදලක් සෙවීමට උත්සාහ ගන්නා පිරිසක් නිතරම අධුනිකයන් හට නොවටිනා මිලකට මැණික් විකිණීමට උත්සාහ ගන්නවා නිතරම මා දැක ඇත. ආධුනික ඔබ මැණික් පොළට පැමිණීමේදී දැනුමක් ඇති විශ්වාසවන්ත කෙනෙකු සමග පැමිණ වෙළෙඳපොළ හඳුනාගෙන ,මිනිසුන් හඳුනාගෙන, රළු මැණික් මිලදී ගැනීමට පිවිසෙන ලෙස ඉල්ලා සිටිමි. ඔබ ලෝකයම පිළිගත් සහතිකයක් ලබා පැමිණියද ඔබට නොවටිනා මැණික් විකිණීමට ඉතා දක්ෂ පිරිසක් මගබලා සිටී.ඔබ මැණික් ගලක් මිලදී ගැනීමේදී කිසිවිටකත් විකුණුනා කෙනා පවසන දෙය නොව ඔබගේ දැනුම එයට යොදා ගන්න. එමෙන්ම කපා ඔප දැමිය හැකි ආකාරය හා අවසාන බර ප්‍රමාණය, පලුදු වර්ග කිරීම, වර්ණ ශ්‍රේණිගත කිරීම, මැණික් ගලක් හමු වන රට අනුව නියම වන මිල, මැණික් වර්ග අනුව මිල ගණන් තීරණය කිරීම සහ විකිණිය හැකි වෙලදපල ගැන නිතරම අධ්‍යයනය කරන්න. ඔබටත් ඔබගේ අදහස් අප හා එකතු කළ හැක. ඔබට ජය!!! මෙම ලිපිය උපුටා ගැනීම අවශ්‍ය නම් මා හට දන්වන්න. මෙයට කලින් ලියූ ලිපි විකෘති කර ඇති නිසා එය මා හට දන්වා ලබාගැනීම අනිවාර්‍ය වේ. ඔබට ජය !!! සම්පත් සමරසේකර, සභාපති, තරුණ මැණික් වෘත්තිකයන්ගේ සංගමය. Email : sampathgems@gmail.com [learn_press_profile]